ශ්රී ලංකාව මුහුණපා ඇති වර්තමාන අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ගත යුතු පියවර සම්බන්ධව ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලි චන්ග් සමග හිටපු අගමැති රනිල් වික්රමසිංහ අද (21) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
කොළඹ පිහිටි රනිල් වික්රමසිංහගේ පුද්ගලික නිවසේ දී පැයකට අධික කාලයක් පැවති මේ සාකච්ඡාවෙහි ප්රමුඛ අවධානය යොමු වී ඇත්තේ රටේ ආර්ථික අර්බුදය කෙරෙහිය.
තමන් පාලන බලයේ සිටියේ නම් රට මෙවැනි අර්බුදයකට පත් නොවන බව එහිදී රනිල් වික්රමසිංහ ප්රකාශ කර තිබේ.
එමෙන්ම අද රටේ ඇතිව තිබෙන අර්බුදය ගැන මීට මාස කීපයකට පෙර තමන් අනාවරණය කළ බවත් එදා එම පියවර ගත්තේ නම් අද රට මෙවැනි තත්වයකට පත් නොවන බවත් රනිල් වික්රමසිංහ මෙහිදී පෙන්වා දී ඇත.
ශ්රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධව ස්ථිරසාර විසඳුම් සෙවීමට ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්රී ලංකාව එකට ක්රියා කළ හැකි ක්රම පිළිබඳව හිටපු අගමැති රනිල් වික්රමසිංහ සමග සාකච්ඡා කළ බව ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරිය ප්රකාශ කර ඇත.