පලාගොස් යළි දිවයිනට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සඳුදා (12) ඔහුගේ නිල නිවසට ගොස් හමුවී තිබේ.
පැයක පමණ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා සමග පසුගිය වකවානුවේ පැවති තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කළ බවත් ඉදිරියේ දී සිදුවන සැලසුම කෙටි සමාලෝචනයක් කළ බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් මේ ගමනට මුල් වන්නට ඇත්තේ හිටපු ජනාධිපතිවරයා හමුවීමට මේ වනවිට විශාල වශයෙන් දේශපාලන නායකයින්, ආගමික නායකයින් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයින් යන නිසා විය හැකි බව ද දේශපාලන ආරංචි මාර්ග හෙළිදරවු කරයි.
මේ වනවිට හිටපු ජනාධිපතිවරයා හමුවීමට දිනයක් වෙන් කරගත නොහැකි තරමට ඔහුගේ දිනපොත පිරී ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.
පෙරේදා සවස හිටපු ජනාධිපතිවරයා ගංගාරාම විහාරයට ගොස් ආගමික වතාවත් සිදුකර ඇති බව ද වාර්තා වේ.
මේ සමගම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ හමුවී ඊයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.