ජනාධිපතිවරණයේ දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ඩලස් අලහප්පෙරුම වෙත ඡන්දය ලබා දීමට තීරණය කරනු ලැබුවත් පක්ෂයේ 14 දෙනාම එම තීන්දුවේ නොසිටි බවත් යම් පිරිසක් එම තීරණයට පිටින් ගොස් රනිල් වික්‍රමසිංහ වෙත ඡන්දය ප්‍රකාශ කර ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.
මෙම පිරිස සම්බන්ධව මධ්‍යම කාරක සභාව හා සාකච්ඡා කර ගත යුතු විනය ක්‍රියාමාර්ගය ගන්නා බව ද මහලේකම්වරයා කියයි.
එමෙන්ම පත්වන ආණ්ඩුවේ කිසිම ඇමතිකමක් භාර නොගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කරයි.