කීර්ති ප්‍රනාන්දු –
හෙට සිට සිපෙටිකෝ ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන ලබා දෙන බව ප්‍රකාශ වුනද ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා තමන් වෙත මේ වනතුරුත කිසිම දැනුම් දීමක් කර නැතැයි ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා ලංකාසරට පැවසීය.
ඒ අනුව හෙට දිනය තුළ කිසිම සිපෙටිකෝ ඉන්ධන පිරවුම්හලකට ඉන්ධන නොලැබෙනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම සති දෙකකට ආසන්න කාලයක් ඉන්ධන ප්‍රවාහන කටයුතු සිදුනොකළ නිසා රිදුරන් සහ රිය සහායකවරුන් වෙනත් රැකියාවලට යොමු වී ඇතැයි පවසන සම ලේකම්වරයා එක්වර කරන හදිසි දැනුම් දීමකින් ටැංකි රථ උපරිම ධාරිතාවයෙන් සේවයේ යෙදවීමේ ප්‍රායෝගික ගැටලුවක් ද මතුවී ඇතැයි කීවේය.