මෙම මාසයේ සිට එක්වරක් පමණක් භාවිතා කරනු ලබන ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතය තහනම් කරමින් ප්ලාස්ටික් දූෂණයට එරෙහිව වන ඉන්දියාව ගෝලීය වශයෙන් ආදර්ශයක් වී තිබේ. එක්වරක් පමණක් භාවිතයට ගත හැකි ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමට ද නොහැකි නිසා ඒවා පොළව මත ගොඩ ගැසේ. මීට විසඳුම් සෙවීමට ගෝලීය ජනතාව වෙහෙසන පසුබිමක ඉන්දියාව ඊට එරෙහිව ක්‍රියාත්මක වීම ආරම්භ කර තිබේ.
2022 ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන අයුරින් එක් වරක් භාවිතා කරන ප්ලාස්ටික් නිෂ්පාදනය, ආනයනය, ගබඩා කර තැබීම, බෙදාහැරීම හා විකිණීම සම්පූර්ණයෙන් තහනම් කරමින් නීති පනවා තිබේ.
ඒ අනුව ප්ලාස්ටික් කූරු සහිත ඉයර්බඩ්ස්, බැලූන්වලට යොදාගන්නා ප්ලාස්ටික් කූරු, ප්ලාස්ටික් කොඩි, රසකැවිලිවලට කූරු, අයිස්ක්‍රීම් කූරු, සැරසිලි සඳහා යොදාගන්නා පොලිතීන්, ප්ලාස්ටික් පිඟන්, කෝප්ප,, ප්ලාස්ටික් හැඳි ගෑරුප්පු පිහි, බීම බට, ආරාධනා පත්‍ර ආදී රැසක් තහනම් කළ ද්‍රව්‍ය අතර තිබේ.
ඉන්දියාවේ මධ්‍යම දූෂණ පාලන මණ්ඩලයට අනුව 2019 – 20 අතර කාලයේදී වසරකට ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 3.5ක් ඉවත ලා තිබේ. මෙමඟින් පස නිසරු වෙන අතර ජලයට ද හානි සිදු වෙන බව ඔවුන් පෙන්වා දෙයි.