තම පෞද්ගලික නිවස ද හෙට දිනයේ වටලන්නට කණ්ඩායමක් සැලසුම් යවන බවත් මේ කණ්ඩායම්වලට සෙනසුරාදා පෙරවරු නවයට ලේඩිස් කොලේජ් අසලට පැමිණෙන ලෙසට ප්‍රචාරයක් යවමින් පවතින බවත් හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද රෙවරුවේ පාර්ලිමේනතුවේදී අනාවරණය කළේය. ඊයේ පැවති නියෝජ්‍ය කථානායක තේරීමේ ඡන්ද විමසීමට පෙර තමන් සියඹලාපිටිය මහතා වෙනුවෙන් ඡන්දය දෙන ලෙසට මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලීමක් කළ බවට චෝදනා කළ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රි රාසමානික්කම් ද මේ වැඩපිළිවෙළට සම්බන්ධව සිටින බවද ඔහු චෝදනා කළේය.
තමන් සියඹලාපිටිය මහතාට සහය දෙන ලෙස මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටි බවට ශානක්‍යන් රාසමානික්කම් මහතා විසින් නගන චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ සියඹලාපිටිය මහතාට සහය දක්වන බවට සියලු දෙනා කලින්ම එකඟ වී පැමිණි කරුණක් බවයි. මේ සඳහා තකමන් මන්ත්‍රීවරුන්ට එවැනි බලපෑමක් නොකරන බවත් දෙමළ ජාතික සන්ධානය ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමඟ මේ ගැන කතා කිරීමක් පමණක් කළ බවත් සඳහන් කළ ඔහු මේ සිදුවීම මුල් කර ගනිමින් තමන් රජයට සහය පළ කරන බවට චෝදනා නගන බව පෙන්වා දුන්නේය.
එසේම තමන් මෙම ආණ්ඩුවට විරුද්ධ බවත් රජයට සහ ජනාධිපතිවරයාට එරෙහිව ගෙන එන විහ්වාස භංග යෝජනාවලට තමන් පක්ෂ බවත් එහිදී වික්‍රමසිංහ මහතා පැවසූ අතර විපක්ෂය අකමැති නම් ඊට සහය නොදී සිටිය හැකි බවද සඳහන් කළේය.
මේ චෝදනා මත හෙට දිනයේ පස්වන පටුමගේ පිහිටි සිය පෞද්ගලික නිවස වැටලීම සහා එක්තරා පුචාරයක් හුවමාරු වන බවද අරුණි ඩබ්ලිව් සහ ක්‍රිෂාන්ත කරුණාරත්න යන පිරිස් එතැනට ගෙන්වීමට සහ කොලොන්නාවෙන් පිරිසක් ගෙන්වීමට යන බවට වාර්තා වී ඇතැයි ඔහු එහිදී අනාවරණය කළේය.
වික්‍රමසිංහ මහතා තවදුරටත් මෙසේද පැවසීය.
මුළු පාර්ලිමේන්තුවටම අද සාප කරනවා. මුළු දවසම නාස්ති කළා. මොකක්ද තත්ත්වේ. අද අපිට එකඟ වෙන්න වෙනවා මේක හොර ගුහාවක් කියල. අපි මඩ ගැහුවා එච්චරයි කරල තියෙන්නේ. අපි කෙරේ රටේ කිසිවකුගේ විශ්වාසයක් නෑ. ඊයේ අම්පාර වුණ සිදධිය බලන්න. දැන් මන්ත්‍රිවරුන්ගේ නිවාස වටකළොත්? තමාගේ ගෙදර වට කළොත් ? කරුණාකරල මේක විසඳන්න. අපි මෙතෙන්ට ඇවිත කෑ ගහල යනව නම් මිනිස්සු මේක වට කරන එක, අපිව පන්නන එක සාධාරණයි.
යයිද සඳහන් කළේය.