අද යට ඇඳුම් නැති දිනය ලෙස තරුණ විරෝධතාකරුවන් විසින් ප්‍රකාශයට පත් කර ඇත.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආසන්නයේ පිහිටුවා ඇති හොරුගෝ ගම පරිශ්‍රයේත් ගෝඨාගෝගම විරෝධතා කරුවනුත් ජනාධිපතිවරයා නිරුවතින් සිටින බව ප්‍රකාශ කරමින් නන්දෙට ජංගියක් ලෙස මෙම විරෝධතාවය අරඹා ඇත.
මේ වනවිට දියත උයන ප්‍රවේශයේ පොලිස් බාධක මත කාන්තා සහ පිරිමි යට ඇඳුම් ප්‍රදර්ශනය කරමින් සුවිශේෂී විරෝධතාවක් තරුණ පිරිස් ආරම්භ කර තිබේ.
මෙම අතිශය නිර්මාණශීලී විරෝධතාවයේ යෙදෙන තරුණ උද්ඝෝෂකයින් යට ඇඳුම්වල ලියා ඇත්තේ “ගෝටා ගෝ හෝම්“ ලෙසය. මේ වනවිට “නන්දෙට ජංගියක්“ විරෝධතාවයට වනවිට සිවිල් ජනකොටස් ද එක්වෙමින් සිටිති.
විරෝධතාවයේ යෙදෙන විරෝධතාකරුවන්….