සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“රන්ජන් වෙනුවෙන් මන්ත්‍රී ධුරය අත් හරිනවා “- නත්තල් දා රන්ජන් දකින්න ගිය හරීන් කී කතාව!

by editor
දෙසැම්බර් 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අද (25) බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානයක දකින්නට වැලිකඩ බන්ධනාගාරයට ගොස් තිබිණි.

අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයේ සිටියදී ඇති වූ රෝග තත්වයකටය ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමුකිරීමේන් අනතුරුව මේ වනවිට ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ගනිමින් ඇත.

රන්ජන් රාමානයක දැකීමෙන් අනතුරුව හරීන් ප්‍රනාන්දු මාධ්‍ය අමතා විශේෂ ප්‍රකාශයක් කළේය.

“මා අද වැලිකඩ බන්ධනාගාරයට ගියේ මගේ හිතවත් මිත්‍ර, ආදරණීය රන්ජන් රාමනායක සහෝදරයා බලන්න. හිරගෙදර ඇතුළේ කටුක,   අත්දැකීම් තිබුණත් රන්ජන්ගෙ නිර්භීතකම වෙනදා වගේම පැවති බව මට අවධාරණය කරන්න වෙනවා. එක වචනයක වැරැද්දක් නිසා රන්ජන්ව සිරගෙට යවන්නේ බරපතල දඩුවමකින්.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ඉතා මෑතක සිදු වූ පාස්කු ප්‍රහාර  ඛේදවාචකයේ චූදිතයන් නිදැල්ලේ සිටින විට, සීනි ආනයනය හරහා කෝටි ගණන් මුදල් වංචා කළ වංචාකරුවන් නිදැල්ලේ සිටින විට, අහිංසක ගොවීන්ට අසූචි දීමට තීරණය කර   ඒ අසූචිවලට වන්දි ගෙවීමට කෝටි සිය ගණනක ජනතා මුදල් විනාශ කළ අපරාධකරුවන් නිදහසේ සිටින විට     එක වචනයක් වැරදීම නිසා රන්ජන් හිරේ විලංගුවේ වැටිලා ඉන්නවා.“

අද නත්තල් ආශීර්වාද ලත් දිනය. ආදරයේ වදන්වලින් සාමයේ පණිවිඩය රැගෙන මෙලොවට පැමිණි පණිවිඩකරුවෙකුගේ උපන්දිනය.

ඇත්තටම රන්ජන් මගෙන් කළ  ඉල්ලීම් කිහිපයක් තිබුණා.

කිතුනු, කතෝලික සහ ශ්‍රී ලාංකික සැමට සුභ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරන්න කියලා රන්ජන් කීවා.

තමාට උසස් අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය බවත්, තම අභිලාෂයන් ඉටුකර ගැනීමට අවසරයක් බලාපොරොත්තුවෙන් සිටින බවත් රන්ජන් ඉතා හැඟීම්බරව කිව්වා.

ඔහුගේ නිදහස වෙනුවෙන් අරගල කරන සියලු දෙනාට සහ  ඔහුගේ  නිදහස වෙනුවෙන් නිශ්ශබ්දව සහය දක්වන සියලු දෙනාට ස්තූතිවන්ත වන බවත්   ඔහු කිව්වා.

රන්ජන් නිදහස් කර ගැනීම සඳහා අපි දැඩි ලෙස සටන් කරන බවට මම සහතික වෙනවා. ඒ වෙනුවෙන් 2022 කැප වෙනවා.

ඒ වගේම මම රන්ජන්ට කිව්වා ඔහු නිදහස් වුණාම එතුමා නැවත පාර්ලිමේන්තුවට පැමිණීම වෙනුවෙන් කරන කැපකිරීමක් ලෙස     මගේ  ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයෙන් මා    ඉල්ලා අස්වෙන්න මම පසුබට වෙන්නේ නැහැ කියලා.

බයිබලයේ පවසන්නේ “යහපත් මිනිසෙක් තම සිතේ යහපත වපුරයි, නරක මිනිසෙක් තම සිතේ අයහපත වපුරයි”  කියලයි.

යුක්තිය සහ සාධාරණත්වය අගයන මේ රටේ මහජනතාවගෙන් අපට ඉල්ලීමක් තිබෙනවා. “විනිසුරු” යන වචනය උච්චාරණය කිරීමෙන් රන්ජන් වසර හතරක් සිරගත කරලා තිබෙනවා.

ඊනියා “මහා අපරාධ” සඳහා දඬුවම සාධාරණද? ඔබේ හෘද සාක්ෂියට සවන් දෙන්න.

මේ ආශීර්වාද ලත් නත්තල් දිනයේ සර්වබලධාරී දෙවියන් වහන්සේට මාගේ ආයාචනය මෙයයි.

“ස්වාමීනි, නොදැනුවත්වම වැරදි කළ මිනිසුන්ට අනුකම්පා කළ මැනව!”

Tags: නවතම
Share69Tweet43
Previous Post

නත්තලට බීලා රිය පදවන ඔබ එනතුරු පොලිසිය මග බලාගෙන!

Next Post

ජනපති ලේකම් පී.බී. ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.