නත්තල් සමය සහ එළඹෙන නව අවුරුදු උදාව සමයේ බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පැය 24ම ආවරණයවන පරිදි විශේෂ පොලිස් මෙහෙයුමක් දිවයිනම පුරාම ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
එම මෙහෙයුම ලබන ජනවාරි 5 වන දා දක්වා ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඒ අනුව, පොලිස් හදිසි මාර්ග බාධක, ජංගම සංචාර යොදවමින් හා අමතර රථවාහන පොලිස් නිලධාරීන් යොදවමින් මෙම විශේෂ පොලිස් මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
උත්සව සමය තුළ බීමත් රියැදුරන් හේතුවෙන් සිදුවන අනතුරු අවම කර ගැනීම මෙම මෙහෙයුමේ අරමුණ වී ඇත.