මේ යන ක්‍රමය වෙනස්විය යුතුම බවත්, මේ සමාජයට විප්ලවීය සමාජ පරිවර්තනයක් අවශ්‍ය බවත් නත්තල් උදාවේ මැදියම් රෑ ප්‍රධාන දේව මෙහෙයෙහි මුඛ්‍ය දේශනාව පවත්වමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.
එහිදී උන්වහන්සේ ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරයේ සැබෑ අපරාධකරුවන් සොයා ගත නොහැක්කේ රජකරන ආත්මාර්ථය නිසා බවය.
එහිදී උන්වහන්සේ මෙසේද ප්‍රකාශ කළහ.
“ජේස්සු ස්වාමීන්වහන්සේ කිව්වෙ පාපයත් ආත්මාර්ථයත් තමයි මිනිසුන්ගේ ජීවිතය අපිරිසිදු කරන්නෙ සහ අසහනයට පත් කරන්නේ කියලා. හිරකාරයෙක් කරන්නෙ කියලා. “
“බුදුහාමුදුරුවො කිව්වෙ තන්හාව… තන්හාව තමයි මනුෂ්‍යයා අසහනට පත් කරන්නේ කියලා. “
“පාර්ලිමේන්තුවෙ පනතක් ගෙනාවා කියල ඒක ඇති කරන්න බෑ. විශ්වකර්ම කටයුත්තක් කරලා ඒක කරන්න බෑ. එය සිදුකරන්න හැකි වන්නේ තමාව අමතක කරලා තම අසල්වැසියාටත් දෙවියන් වහන්සේටත් ප්‍රසන්නව පිළිවෙළට ජීවත්වුනොත් විතරයි. අපේ ජීවිතය ලස්සන ජිවිතයක් වෙන්නෙ එතකොට.“
“මේ රටට පරිවර්තනයක් අවශ්‍යයයි. විප්ලවීය වෙනසක් අවශ්‍යයයි. මේ යන මාර්ගය වෙනස් කළ යුතුමයි.“
“පාස්කු ඉරිදා ප්‍රහාරය අපේ සහෝදර සහෝදරියො 269කගෙ ජීවිත නැති කළා. ආගමකින් මිනිස්සු මරණවා නම් ඒ ආගමින් වැඩක් නෑ. මොකක්ද ඒ දර්ශනය.“
“අනෙක් එක පාස්කු ප්‍රහාරයට පිටිපස්සෙ කවුද හිටියෙ කියන එක හරියට හොයාගන්න තාමත් බැරිවෙලා තිබෙන්නෙ ඇයි?. ආත්මාර්ථකාමය අපව රජකම් කරන නිසයි. අප සමාජ පාරිශුද්ධත්වයට හා සමාජ පරිවර්තනයකයට යා යුතුයි.“