පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් යොදන ලෙස ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් කතානායකවරයා වෙත විශේෂ ඉල්ලීමක් කිරීමට සාකච්ඡා පවත්වමින් ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග පවසයි.
මේ වනවිට සමාජයෙන් මතු වී වෙමින් ඇති විරෝධය හමුවේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු, දිස්ත්‍රික් සම්බන්ධීකරකමිටු සඳහා සහභාගී වීමත් ගැටලු සහතගත වී තිබිය දී සිය චන්ද බල ප්‍රදේශවෙත පැමිණීමත් යම් අනතුරු දායක තත්වයක් ඇති කර තිබෙන බව ඒ සාකච්ඡාව තුළ සංවාදයට ගෙන තිබේ.
විශේෂයෙන්ම කෘෂිකාර්මික පදනමක් සහිත ජනතාවක් ජීවත්වන ප්‍රදේශවල මතුවෙමින් ඇති විරෝධතාවය ඉතාම තීව්‍ර වී ඇති අයුරු ඔවුන් විසින් නිරීක්ෂණය කර ඇත.
පොහොර ප්‍රශ්නය නිසා සිය ආදායම් බිඳවැටීමත් සමග ජීවිත්වීම අර්බුදයකට වැටී ඇති ගොවි ජනතාව දැනටමත් දක්වා ඇති ප්‍රකෝපකාරී හැසිරීම් මෙම මන්ත්‍රී කණ්ඩායම මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබේ.
කාබනික දියර පොහොර ලෙස ලබා දී ඇති කුණු ගඳ ගසන අපද්‍රව්‍ය කෑන් ගොවිබිම්වලට දැමිය නොහැකි බවත් ඒවා තමන් සන්තකයේ තබාගෙන ඉන්නේ සිය පළාත්වල ජනතා නියෝජිතයන් පැමිණෙන තුරු බවත් එම ගොවි පිරිස් අවස්ථා ගණනාවක දී මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.