ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (25) ජනපතිවරයා වෙත භාර දී තිබේ.
ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධව මෑත වකවානුව පුරාම ආණ්ඩුව තුළින්ම දැඩි විවේචන එල්ල වී තිබුණු අතර ජනාධිපති ලේකම්වරයා ඉල්ලා අස්වීමට සූදානම් බවට ප්‍රවෘත්ති ද පලවිය.
මේ මස දෙවන සතියේ මුල අමාත්‍ය චමල් රාජපක්ෂ ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දරට දොස් පවරා තිබුණු බවත්, මීට හේතු වී ඇත්තේ පොහොර හා විදේස්ගත ශ්‍රී ලාංකිකයන් විදෙස් විනිමය ශ්‍රී ලංකාවට එවීමේදී ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය බවත් වාර්තා විය. පී.බී. ජයසුන්දර දශක දෙකක් දැමූ සෙල්ලම් නිසා රට මේ තරම් ව්‍යසනයකට ලක් වුන බවට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් මැති ඇමතිවරුන් චෝදනා කරන්නේ යැයි ද ඒ සියලු පව් යන්නේ ජනපති පිටින් යැයි ද ඒ අවස්ථාවේ චමල් රාජපක්ෂ පවසා තිබේ.
චමල් පී.බීට එසේ බැණ තිබුණේ ජනාධිපති කාර්යාලයේ ජනාධිපති ඉදිරියේ දී බව ද වාර්තා වී තිබිනි. ඒ අතර ආණ්ඩුවේම පාර්ශව කීපයක් ඔහු ඉල්ලා අස්වීමකට යොමු කරමින් බරපතල ලෙස බලපෑම් කරමින් සිටියේය.
මේ සියලු තත්වයන් හමුවේ ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර අද සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.