අධිකරණය මගින් ගුවන් ගමන් තහනම ඉවත් කර ගැනීමෙන් අනතුරුව රන්ජන් රාමනායක කටුනායක ගුවන් තොටුපළෙන් අද (29) අළුයම ඇමෙරිකාව බලා පිටත් වී ගොස් ඇත.
පෙරේදා ඇමරිකාව වෙත ගමන් කිරීමට පැමිණි රන්ජන් රාමනායක යළි ගුවන්තොටුපලින් හරවා එවනු ලැබුවේ ඔහුට එරෙහිව ගුවන් ගමන් තහනම් කළ අධිකරණ නියෝගයක් පැවතීම නිසාය.
එම තහනම අධිකරණය මාර්ගයෙන් ඉවත් කරගත් රන්ජන් රාමනායක , කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 663 දරන ගුවන් යානයෙන් අද අලුයම 03.50ට දෝහා වෙත පිටත්ව ගොස් තිබේ .
එතැන් සිට ඔහු වෙනත් ගුවන් යානයකින් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතය .
ඔහු ඇමෙරිකාවේ ප්‍රසංග 10 කට පමණ සහ කැනඩාවේ ප්‍රසංග 05 කට පමණ සහභාගී වනු ඇත .