ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙල්බර්න්හිදී සිදුකළ Arthroscopic සැත්කම සාර්ථක බව ශ්‍රී ලංකා ක්‍රිකට් කියයි.
සන්ධි ආශ්‍රිතව ඇති ගැටලු හඳුනාගෙන ප්‍රතිකාර කිරීම සඳහා විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු විසින් කුඩා සිදුරක් හරහා ෆයිබර් ඔප්ටික් වීඩියෝ කැමරාවක් සහිත සිහින් බටයක් ඇතුළු කර සන්ධිය තුළ ඇති දර්ශනය අධි-විභේදන වීඩියෝ මොනිටරයකට සම්ප්‍රේෂණය කරමින් නිශ්චිත ප්‍රතිකාර සිදුකිරීම මෙම ශල්‍ය කර්මයේ ස්වරූපය වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා නිවුස් වයර් වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර ඇත්තේ සුප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු ශල්‍ය වෛද්‍ය මාර්ක් බ්ලැක්නි විසින් සිදු කරන ලද ඔහුගේ සැත්කම සාර්ථක බවය. මේ වන විට ඔහු සුවය ලබමින් සිටින බවය.
“මාස තුනකින් ඔහු යළි ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා” මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසා ඇත.