කොළඹ තර්සටන් විද්‍යාලයේ දරු පිරිසක් සමග නුවරඑළිය අධ්‍යාපන චාරිකාවකට ගොස් නැවත කොළඹ බලා පැමිණෙන විට හත් දෙනෙක් මරණයට පත් කරමින් අනතුරක් සිදුකළ එම බස් රථයේ 62 හැවිරිදි රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
රදැල්ල හරහා යන මෙම කෙටි මාර්ගයේ බර වාහන ධාවනය නොකරන ලෙස දැනුමවත් කර පුවරු සවි කර තිබිය දී එය නොසලකා බස් රථය ධාවනය කිරීමෙන් මෙම අනතුර සිදුවී තිබිණි.
මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළි වි ඇත්තේ මෙම රියදුරා අපරික්ෂාකාරීව රිය ධාවනය කර ඇති බවය.
බස්රිය මීටර පනහක් පමණ ප්‍රපාතයට ඇදවැටී තේ වත්තක් මැද නතර වී තිබිණි.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් 41 දෙනෙක් සහ මව්පියන් ඇතුළු 53 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබිණි. බස් රියදුරා විසින් අනතුරට ලක් කළ වෑන් රථයේ ගමන් කළ 18 හැවිරිදි තරුණියක් මේ වනවට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් ඇත.