චීනය සිය බලපෑම විදේශයන්හි ව්‍යාප්ත කිරීමට සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ න්‍යාය පත්‍රය ප්‍රචලිත කිරීමට ශිල්පීය ක්‍රම කිහිපයක් භාවිතා කරන බවට අනාවරණය වේ.
ඒ අනුව චීනය විසින් විදෙස් රටවල සිය මතවාදය ව්‍යාපත් කිරීමට අනුගමනය කරනු ලබන එක්සත් පෙරමුණු කාර්ය සංවර්ධන වැඩසටහන වන අතර මගින් ඉතා ක්‍රමානුකූලව සිය අරමුණු ඉටු කරගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබේ. එහිදී සාමකාමී ජාතික නැවත එකමුතු කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා වූ චීන කවුන්සිලය වැදගත් වේ.
මෙම කවුන්සිලය ඉතා වැදගත් වන අනර එහි මූලස්ථානය චීනයේ බීජිං හී පිහටා ඇති අතර එහ ලාභ නොලබන සංවිධානයක් ලෙස හුවා දක්වයි. මෙම සංවිධානයේ ව්‍යවස්ථාව අනුව සාමකාමීය චීනය යලි එක්සේසත් කිරීමයි. ඒහිදී තායිවානයද චීනයට ඈදා ගැනීම ඔවුන්ගේ මූලික අරමුණක් වී තිබේ.
මීට අමතරව ලොව පුරා සිටින සියලුම චීන ජාතිකයින් ඒක්සේසත් කර චීනය ශක්තිමත් කිරීමට ඔවුන් අපෙක්ෂා කරයි. ඒහිදී ඔවුන් යොදා ගන්නා ප්‍රධානතම උපායමාර්ගය වී ඇත්තේ ජාත්‍යාලය වීම විශේෂත්වයකි.
තම සංවිධානයේ න්‍යාය පත්‍රයට සහය දැක්වීමට එකඟ වන ජනවාර්ගික චීන දේශපාලන අපේක්ෂකයින් සඳහා අරමුදල් රැස් කිරීම ඇතුළුව, චීන විදේශ ප්‍රතිපත්ති ඉලක්කවලට සහාය වන ක්‍රියාකාරකම් රාශියක ද සංවිධානය නිරත වේ.
මෙහිදී ටිබටය සම්බන්ධයෙන්ද වැඩි අවදානයක් යොමු කිරීම අතිශය වැදගත්වේ. “කාලයේ ප්‍රවණතාවයට අනුව, අපි නේපාලයේ සාමකාමී ජාතික නැවත එක්වීම ප්‍රවර්ධනය කිරීම සඳහා වූ චීන කවුන්සිලය ස්ථාපිත කළේ බොහෝ කලකට පෙරය” යනුවෙන් චීන භාෂාවෙන් කරන ලද දේශනයකදී නේපාලයේ නව තානාපතිවරයා බවට පත් වූ තානාපති චෙන් සොං සඳහන් කළේය.
නේපාලයේ සාමකාමී ජාතික නැවත එක්වීම ප්‍රවර්ධනය සඳහා වූ චීන කවුන්සිලය 2022 සැප්තැම්බර් මාසයේදී නේපාල අගනුවරදී ආරම්භ කරන ලදී.
නේපාල විශ්ලේෂකයෙකු සහ ප්‍රශංසනීය කතුවරයකු වන අමිෂ් මුල්මි මෙසේ සඳහන් කළේ තායිවානය සම්බන්ධයෙන් නේපාලය තුල ගොඩ නැගී ඇති මතවාදයන් වෙනස් කිරීමටත් තායිවාන ගැටලුවේදී චීනයට සහය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කිරීමට අදාල කවුන්සියල ක්‍රියාත්මක බවයි.
ඒ් අනුව මෙම කවුන්සිලය විසින් ඉතා සුක්ෂිම සිය මතවාදය පැතිරවීම සිදුකරන අතර චීනය විසින් සිය මතවාද පැතිරවීම පසුගිය කාලය පුරාවටම ඉතා සුක්ෂිම සිදුකරගෙන යාමට සමත්විය.