ඉන්දීය නාවික හමුදාවට අයත් අයි.එන්.එස් දිල්ලි නෞකාව පසුගියදා ත්‍රිකුණාමලය වරායට පැමිණි අතර එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව ඉතා උත්කර්ෂවත් ලෙස පිළිගනු ලැබීය.
එම නෞකාව මෙරට නැංගුරම්ලා තිබෙන කාලය අතර තුරදී නෞකාවේ සාමාජිකයින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වැඩසටහන් රැසකටම ඒක්වීමට නියමිතය. මෙම වැඩසටහන් වල අරමුණ වී ඇත්තේ දෙරටේ නාවික හමුදාවල සහයෝගීතාව වර්ධනය කිරීමත් සිය දැණුම් වර්ධනය කරගැනීමත්ය.
අයි.එන්.එස් දිල්ලි නෞකාව ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකාවක් වන අතර එය මීටර් 163ක දිගින් යුක්තවේ. අදාල යුද නෞකාව ක්‍රියාත්මක කිරීමට නාවිකයින් 390කගෙන් සමන්විත කණ්ඩායමක් අවශ්‍යවේ.
නෞකාව නැංගුරම්ලා තිබෙන කාලය අතර තුරදී ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් විසින් ත්‍රිකුණාමලය වරාය අවට ප්‍රදේශ නැරඹීමටද නියමිත අතර ඒහිදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමජිකියින්ද නෞකාවට ගොඩවී එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට නියමිතය.
ඉන්දීය නාවික හුමුදාව ඉන්දියන් සාගර කළාපයේ ආරක්ෂාව තහවුරු කිරීමට අතිශයින් වැදගත්වන අතර එම කාලය ගෝලීය සැපයුම් දාමයට ඉතාතම වැදගත් කාලාපයක් වන බැවින් ඉන්දීය නාවික හමුදාව ගෝලීය වශයෙන් වැදගත් සාධකයක් බවට පත්ව තිබේ.
මෙහිදී ලොව විශාලතම නාවික හමුදාව අයත් චීනයෙන් එල්ලවිය හැකි අභියෝග වලටද සාර්ථකව මුහුණ දීමට ඉන්දීය නාවික හමුදාව කටයුතු කරමින් සිටියි.