ඉන්දියාවේ පූනේ හීදී ජී20 නියෝජිතයින්ගේ යටිලත පහසුකම් වර්ධනය පිළිබඳ ක්‍රියාකාරී කමිටුව හමුවීමට නියමිත බව ඉන්දීය මුදල් අමාත්‍යංශයේ ආර්ථික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ සම ලේකම් සොලමන් අරෝකියාරාජ් පවසයි.
මෙම කණ්ඩායම විසින් යටිතල පහසුකම් වර්ධනය කිරීමට අදාල කටයුතු රැසක් සාකච්ඡා කිරීමට නියමිත අතර ඒහිදී යටිලත පහසුකම් වර්ධනය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියිමතය. එහිදි යටිතල පහසුකම් වර්ධනයට අදාල විකල්ප ක්‍රියාමර්ග සහ ඊට අදාල ගැටලු නිරාකරණය කිරීමට ගතහැකි නව පියවර සම්බන්ධයෙන් අවදානය යොමු කිරීමට අපෙක්ෂිතය.
මෙම ක්‍රියාකාරී කමිටුවේ සභාපතිධුරය ඉන්දියාව දරණ කාලය අතරතුරදී ඉන්දියාව විසින් ″තිරසාර සහ සියලුදෙනා ඇතුල්වන නගර ගොඩනැගීම″ යන මාතෘකාව යටතේ කටයුතු කිරීමට නියමිත බවද සහකාර ලේකම් අනාවරණය කළේය.
එහිදී ඔහු පෙන්වා දෙනු ලැබුවේ, ″ අපි මේ තේමාව තෝරාගනු ලැබුවේ ගේලීය වශයෙන් නාගරීකරණය ඉතාම වැදගත් කාරණයක් වන බැවිනි. දැනටමත් ජනතාවගෙන් සියයට පනහක් පමණ නගර වන ජීවත්වන අතර ගෝලීය නිෂ්පාදතියෙන් සියයට අසූවකට වැඩි ප්‍රතිශතයකට දයකත්වය සපයන්නේදී නාගරික ප්‍රදේශයි.″ යනුවෙන්ද හෙතෙම පෙන්වා දී තිබේ.
මෙහිදී සම ලේකම්වරයා සඳහන් කර සිටියේ ඉන්දියාව මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙම නාගරීකරණය ඉතා වැදගත් තේමාවක් වන බවත් ඒහිදී තිරසාර සංවර්ධනයට සුවිශේසී ස්ථානයක් හිමවනු ඇති බවත්ය.
ඒ් අනුව මෙම නාගරීකරණ ක්‍රමවේදයට ඉන්දියාව සිය උපරිම සහය ලබාදීමට ඉදිරිපත්ව සිටින බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.