අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපට නැති අවුරුදු!

by editor
ජනවාරි 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හිඟමනට වැටුණු ජාතියකට අලුත් අවුරුද්දක් යනු හිතාගන්නටත් බැරි තරම් දුරකින් ඇති සිහිනයකි. හැමදාම අතීතකාමයේ කරවටක් ගිලී වර්ථමානය කුසීතව ගතකරමින් තමන් විසින් තෝරාගන්නා අහවලෙක් තුසිත පුරය නිර්මාණය කරදෙන තුරු නිද්‍රාශීලිව බලා සිටි මිනිසුන්ට අත්විය හැකි ප්‍රායෝගිකම ඉරණම අත් වී තිබේ. වලට වැටෙන්නට පෙර වල ගැට්ටේ හිඳිමින් කළ අතීත සැණකෙළි ගැන සිහි කරනවා හැරෙන්නට ඔවුන්ට මේ මොහොතේ කළ හැකි දෙයක් නැත.

එහෙත් ලෝකයේ මිනිස්සු අවුරුදු සමරති. උත්සව කරති. ඔවුන්ගේ සම්ප්‍රදාය අනුව සැණකෙළි කරති.

එවන් සැණකෙළියක් දුටුවෙමි. ඒ මගේ මව්රටට අත්වී ඇති ව්‍යසනය වළක්වා ගැනීමට අරගල කළ අපේ චින්තන පරම්පරාවේ ඥාතීන්ද ඒ ව්‍යසනයේ ගොදුරුවී ඇති අයුරු සිහිවන විට උපදින වේදනාව සහිතවය.

දෙසැම්බර් 31වැනි දා පාන්දර ස්විට්සර්ලන්තයේ දරුවෝ අවුරුදු උදාව සැමරූහ. ඔවුන් ඒ සදහා සුදානම් වූයේ ඔවුන් ගේ සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ට මූල් තැන දෙමිණි.

මා ජීවත්වන ග්ලාරූස් ගමේ පනහකට ආසන්න ළමුන් හා තරුණපිරිස් අවුරුදු සැමරීමට එක් වී සිටියහ. විශේෂත්වය වූයේ ,මේ සාම්ප්‍රදායික උත්සවයේ දී ළමුන්ට දුම් පානය සඳහා අවසර ලැබීමය. හිම මිදෙන සීතලේ මේ තරුණ පිරිසේ සැලකිය යුතු සංඛ්‍යාවක් දුම් පානය කළහ.

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ස්විස්ටර්ලන්තයේ මෙම නව අවුරුදු උදාව සමරන සම්ප්‍රදායික උත්සවය හදුන්වනු ලබන්නේ “JAHRESWECHSEL: SILVESTERSCHELLEN” (වසරේ වෙනස් වීම හා අලුත් අවූරැදු සීනු) යනුවෙනි.

ආදි ස්විස්ටර්ලන්ත වාසිහු ප්‍රධානවශයෙන්ම සත්ත්ව පාලනය කළ ගොවීහු වෙති. ගව පාලනය ඒ අතර ප්‍රමුඛය. ඕනෑම සමාජයක වර්ෂාරම්භ සම්ප්‍රදායික උත්සවයක අභිලාෂය ලබන්නා වූ වසරේ දී ස්වකීය ආර්ථික සශ්‍රීකත්වය ය. මේ උත්සවය තුළ ද ඒ අභිලාෂයන් කැටි වී පවති.

ඊට කාන්තාවන්ට සහභාගී වීමට ඉඩ ලැබෙන්නේ නැත. එමෙන්ම ඒ සඳහා සහභාගිවන පිරිමි අය සඳහා වයස් සීමාවක් ද නැත. නමුත් ඊට එක් වී සිටි බහුතරය කුඩා දරුවන්ය. එමෙන්ම මෙම උත්සවය සඳහා සහභාගි වීමේ එකම කොන්දේසිය පැය 5 ක පමණ ගමන සඳහා අඛණ්ඩව සහභාගී වීමය.

ඇතැම් ළමුන් තමන් සතු සීනු සමඟ මෙම උත්සවයට සහභාගි වූ අතර සීනු නොමැති අය සඳහා ඒවා සැපයීමට සංවිධායකවරු කටයුතු කළහ.

දරුවන් ගම්මානයේ වීදී පුරා ඇවිදිමින් අවූරුදු උදාව ගම්වැසියන්ට සීනු හඬ නගා දැනුම් දුන්හ. මහත් උද්යෝගයක් මුළු උත්සවය පුරාම තිබිණි.

පැය පහක් තම දෙපා වෙහෙසවමින්ගෙවල් පනහක් දක්වා සංචාරය කිරීමෙන් පසු ද අලුත් අවුරුදු සීනුව පෙරවරු 7 ට අවසන් කෙරනි. එහිදී ඔවුන්ට පිටි සුප් එකකින් ගම්වැසියෝ සංග්‍රහ කරති.

ඔවුන් ගෙයින් ගෙට යන්නේ තමන්ගේම සීනු හෝ කිරි ගොවීන්ගෙන් ඉල්ලා ගත් සීනු රැගෙන ය. මෙම ගමනට නායකයෙක් සිටී. ඔහුගේ අතේ හමුදා සෙබලුන් භාවිතා කරන “මිලිටරි ෆ්ලෑෂ් ටෝච්” එකක් තිබේ. එය කොළ පැහැයෙන් පෙන්නුම් කරන්නේ නම්, දරැවන් සීනු නාදය දිගටම කරගෙන යා යුතුය. එය රතු පැහැය ගැන්වූ විට සීනු නාද කිරීම නතර කළයුතු වේ. ඒ සමග එක හඬින් හඬ නඟයි: “Danggä viilmal und ä guets Nüüs.(ස්තූතියි.. සුබ අලුත් අවුරුද්දක් වේවා”)

ඉන් අනතුරුව ගම්වැසියෝ දරැවන්ට තෑගි, බිස්කට්, රසකැවිලි මුදල් දෙති. මේ සාම්ප්‍රදායික උත්සවයේදී දරුවන්ට සිගරට් බීමට අවසර ලබාදීම තවත් විශේෂත්වයකි.

දෙමාපියන් ගේ අවසර ඇතිව දූම් පානය කිරීමට ඉඩ සැලසෙන සාම්ප්‍රදායික උත්සවයක් කීපයක් ස්විට්සර්ලන්තයේ පවතී. අලුත් අවූරුදු උත්සවය සමරන මෙම උත්සවයේදී හා ශාන්ත පිඩෝලීන් මුනිවරයා සමරමින් පවත්වන ගිනිමැලයක් දල්වා පවත්වන සාම්ප්‍රදායික උත්සවයේදී ඒ සඳහා අවසර හිමිවේ.

මෙම සාම්ප්‍රදායික චාරිත්‍රය තවමත් ස්විට්සර්ලන්තයේ ගම්මාන වල ස්ථිරව පවතී. අනාගතයේදී එය දිගටම පවතිනු ඇත.

Share69Tweet43
Previous Post

පූනේ හී පැවත්වෙන් ජී20 සමුළුව

Next Post

ඉන්දීය ගුවන් හමුදාව විශේෂ යුද පුහුණුවක

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.