ඉන්දීය ගුවන් හමුදාව විසින් එරට ඊසාන දිග ප්‍රදේශයේදී විශේෂ ගුවන් අභ්‍යාසයක් එළැඹෙන මාසයේදී පැවත්වීමට තීරණය කරනු ලැබ තිබේ.
මෙම පුහුණුවට ඉන්දීය ගුවන් හමුදාවට අයත් නවතම ප්‍රහාරක ගුවන් යානා, ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සහ යුධමය ඩ්‍රෝන යානා යොදා ගැනීමට නියමිත බවද එරට ආරක්ෂක අංශ අනාවරණය කරයි. අදාල යුධ පුහුණුව ඉන්දියාවේ දේශ සීමාවන් හී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුව ඇති අවස්ථාව පැවැත්වීමද විශේෂත්වයකි.
ඉන්දියාවේ ලඩක් හී දේශ සීමාවන් චීනයට යාබදව පිහිටා ඇති අතර චීනය විසින් එම කළාපය තුල දැඩි ආක්‍රමණශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටියි. එහි ප්‍රතිපලයක් ලෙස ඉකුත් වසරේදී ඉන්දීය ආරක්ෂක අංශ සහ චීන ආරක්ෂක අංශ අතර යම් ගැටුමක්ද නිර්මාණය විය.
ඒ අනුව චීනයෙන් එල්ලවිය හැකි අභියෝග වලට සූදානම් වීමක් ලෙස මෙම පුහුණුව පැවැත්වීමට කටයුතු යොදා ඇත. චීනය විසින් යම් ගුවන් යානයක් දේශසීමා ආසන්නයට එවීමක් කළහෝත් හෝ ඉන්දියාවට ඇතුළු වීමට උත්සහයක් ගැනීම වැලැක්වීම මෙම පුහුණුවේ අරමුණ වේ.
එහිදී ඇතිව විය හැකි ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීමට ගුවන් හමුදාව සූදානම් කිරීම නියමිත අතර එහිදී ඉන්දීය ගුවන් හමුදා ප්‍රහාරක නියමුවන්ගේ දක්ෂතා ඔපදැමීමටද මෙහිදී බලාපොරොත්තු වේ. ලොව ශක්තිමත්ව ගුවන් හමුදාවක් ඉන්දියාව සතුවන අතර ඉන්දීය ගුවන් නියමුවන් ඒ බව ඉතිහාසය පුරාවටම සනාථ කිරීමට සමත්ව තිබේ.