රාජගිරියේ සිදුකළ වෙඩි තැබීමකින් 56 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබේ.
අංක 44, බුත්ගමුව පාර,රාජගිරිය ලිපිනයේ පිහිටි අබලි යකඩ සහ භාණ්ඩ එකතු කරන ස්ථානයක වැඩ කරමින් සිටි සුනිල් නැමති වයස අවු 56 පමණ පුද්ගලයක් මෙසේ ඝාතනය වී ඇත.
අද (21) පස්වරු 5.10ට පමණ අබලි ද්‍රව්‍ය එක්රැස්කරන වෙළෙඳසැලකට වෙඩික්කරුවා පැමිණ ඇත්තේ යතුරු පැදියකිනි. ඝාතනය සඳහා යතුරුපැදියෙන් පුද්ගලයින් දෙදෙනෙක් පැමිණ තිබේ.
වෙඩි වැදී බරපතල තුවාල ලද පුද්ගලයා කොළඹ ජාතික රොහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇත.
මේ වනතුරු සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැත. ජගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.