දිනසේන රතුගමගේ –
වවුනියාව හා කිළිනොච්චි පොදු වෙළඳ පොලේ අමුමිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 2000 ත් 2200 ත් අතර මිලකට ඉහල ගොස් තිබුණි.
අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 1700 ක් වූ අතර එක් අමුමිරිස් කරලක් රුපියල් විස්ස බැගින් අලෙවි වුණි.
අධික වර්ෂාව නිසා උතුරු පළාතේ මිරිස් වගාව සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබීම නිසා වෙළඳපලට අමු මිරිස් තොග ලැබීමේ විශාල අඩුවක් මේ සතියේදී දක්නට ලැබුණි.
මේ නිසා දඹුල්ල හා තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථාන වලින් උතුරු පළාතට අමුමිරිස් හා එලවලු තොග ලැබෙන අතර ඒවායෙහි මිල ගණන් බෙහෙවින් ඉහල මට්ටමක පවතී.