සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රත්තරන් කෙල්ල…

Sri Lanka's first Asian Games gold medal in 21 years

by editor
ඔක්තෝබර් 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදුනිල් කහටපිටිය –

2022 වසරේ චීනයේ Hangzhou හි පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට තරුෂි දිසානායක සමත් වූවාය. වත්මන් ශූර Chunyu Wang ය. වැන්ග්ට  හිමි වන්නේ ලෝකඩ පදක්කමය.ඇය වාර්තා කළ කාලය විනාඩි 2.03.90කි.  ඉන්දියාවේ හර්මිලන් බේන්ස් විනාඩි 2:03.75කින් තරගය නිමා කර  රිදී පදක්කම දිනා ගත්තාය.  ශ්‍රී ලංකාවේ රත්තරන් කෙල්ල විනාඩි 2.03.20කින් තරගය නිමා කර තිබුණාය. 

ඒ විශිෂ්ට ජයග්‍රහණය….

මින් පෙර ආසියානු ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා රන් පදක්කමක් අවසන් වරට දිනාගන්නේ මීට අවුරුදු 21කට පෙරය. එනම් 2002 දීය. ඒ වනවිට තරුෂි ඉපදිලාවත් නැත. දැන් තරුෂිට අවුරුදු 18 ය. මේ වසරේ උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිටින්නීය.

තරුෂි මේ තරගයේ දී ශ්‍රී ලංකා වාර්තා රැසක් අලුතින් ලීවාය.  දැන්  මේ පුංචි කෙල්ල ආසියාවේ යෝධ තරුණිය වී ඇත්තීය.

මේ තරගය ඇත්තටම හරිම අපූරුය.  තරුෂි තරග කළේ ඉතාම සංයමකිනි. තරුෂී තරග වැදීමේ රිද්මයක් තිබිණි. ඇය කිසිවෙකුට නොහැගෙන ලෙස    ඉන්දීය ජාතික ශූරිය වන හර්මිලාන් බයින්ස් සමග තරග ආරම්භයේ සිට තරග වැදුනාය. තරගයේ පලමු වටයේ ඇය කැපී පෙනුනේ නැත. ඇය  සිටියේ හවන ස්ථානයේය. ඉන්දීය ක්‍රීඩිකාවන් දෙදෙනා සහ වත්මන් ආසියානු ශූරිය ඇතුළු චීන ක්‍රීඩිකාවන් දෙදෙනා ඉදිරියෙන් තරග වැදුනහ.  දෙවැනි වටයේ  මුල් මීටර දෙසීය තුළ ක්‍රමයෙන් ඉන්දීය ක්‍රීඩිකාව ඉදිරියට ආවාය.   අවසන් මීටර 150 වනවිට  ඉන්දීය ජාතික ශූරිය හර්මිලා සහ චීන ජාතික ශූරිය චුන් යූ වන්ග්  ඉදිරියට ඇදෙත්ම තරුෂි   පළමු තිදෙනා අතරට පැමිණි තරුෂි  අවසන් මීටර 40 තුළ බලා සිටින පිරිස් තිගස්වමින් විදුලි වේගයෙන් ඉදිරියට ගියේ ආසියානු ශූරී වන්ග් සහ හර්මිලාට  සිතා ගන්නටවත් බැරි වේගයකිනි.

එය හැකියාව සමග කැටි වුන කදිම තාක්ෂණික නර්තනයක් බව කිව යුතුව ඇත. මේ ශික්ෂණය ඇයට ලබා දී තිබුණේ ඇයගේ පුහුණුකරු වූ සුසන්ත ප්‍රනාන්දු විසිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තරුෂි ගේ ජයග්‍රහණ පසුබස සිටින යෝධ සෙවනැල්ල ඇගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දුය.  වසර 33 ක්  වලල ඒ රත්නායක මධ්‍ය විදුහලේ මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස කටයුතු  කරන්නේ මේ විශිෂ්ටයා ය.  වත්තේගම අධ්‍යාපන කලාපයේ ක්‍රීඩා අධ්‍යක්ෂ  ධූරය හොබවන ඔහු  ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්  73 දෙනෙකු ගේ පුහුණුකරුය. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් රටට දිනා දී ඇති ජත්‍යන්තර මලල ක්‍රීඩා පදකම්කම් ගණන 66 කි. ශ්‍රී ලංකාවේ පාසල් ක්ෂේත්‍රයේ  දක්ෂතම මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස 2015 දී සම්මාන ලද සුසන්ත ප්‍රනාන්දුය.

තරුෂි සිය පුහුණුකරු සුසන්ත සමග…

අවුරුදු 13 දී ඔහු ලඟට එන මේ කෙසඟ කෙල්ල ලෝකයේ ඉහළම තැනට ඔසවා තැබීමේ  අප්‍රමාණ කටයුත්ත තවමත් ඔහු අත් හැර නැත. ඇය ඔලිම්පික් මට්ටම තෙක් රැගෙන යෑමේ ජාතික අභිලාෂය ඔහු සාක්ෂාත් කරනු ඇතැයි අපි විශ්වාස කරමු.‍ෙ

ශ්‍රී ලංකාව රන් පදක්කම් 2ක්, රිදී 1ක් සහ ලෝකඩ 3ක් සමඟින් සමස්ත පදක්කම්  හයක් සමගින් තරගාවලිය නිමා කර තිබේ.තරුෂි කරුණාරත්න   දිනා ගත් රන් පදක්කම මහා කැපකිරීම් රාශියක ප්‍රතිඵලයකි. අපට පෙන්නෙන්නේ මේ කෙසඟ කෙල්ල ධාවන පථයේ  විදුලිය අදෙන මනරම් රිද්මය පමණි. ඒ රිද්මයට උපදින  අන්තර් ජාතික තලයේ ධාවන පථයන් මතට ඇය  මල් මාවතක් ඔස්සේ පැමිණියා නොවේ.

තරුෂිගේ අම්මාත් තාත්තාත් දුගී එහෙත් ආදරණිය මිනිස්සුය. ඇයගේ අයියා ලෝකයේ ඉන්න හොඳම අයියා බව විශ්වාස කළ යුතුය. ඔහු හර්ෂ කරුණාරත්නය. අන්තර්ජාතික තලය ස්ඵර්ෂ කරමින් රටට පදක්කම් ගෙනා හර්ෂ පසුගිය වසරේ  මීටර් 800 ඉසව්වේ   ජාතික ශූරයා ය. නංගිගේ ඉදිරි ගමන වෙනුවෙන් හර්ෂ ක්‍රීඩාව අත් හැර රැකියාවක් සොයා ගත්තේය.

සුළු ව්‍යාපාරයක් කරගෙන ගිය තරුෂිගේ තාත්තාත් ඔහුට උපකාර කළ අම්මාත් සිය ඥාති සනුහරයේ කිසිම උදව්වකින් තොරව අසීමිත දුර්භෝත වළඳමින් දරුවන්ගේ ක්‍රීඩාව වෙනුවෙන් කැප කිරීම් කළහ.  හර්ෂ ක්‍රිඩාවට සමු දී නැගනිය වෙනුවෙන් රැකියාවක් සොයා යන්නේ කළ හැකි දෙයක් නොමැති තැනය.

තරුෂි  මුලින් පාසල් ගියේ උඩුදුම්බර චූලාභය ද්විතික පාසලටය. ඇයගේ සොයුර ක්‍රීඩා ශිෂ්‍යත්වයක් ලබාගෙන වළල ඒ රත්නායක විද්‍යාලයට යන විට ඇයත් සිය ජීවිත ප්‍රමුඛතාවය කරගන්නේ වළල රත්නායක විද්‍යාලයට ක්‍රීඩා ශිෂ්‍යත්වයක් ලබාගෙන ඇතුළත් වීමය. ඇය අයියා කළ දේම කළාය. ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය ආවේ එතැන දී ය.

සුසන්ත ප්‍රනාන්දු ඇයගේ පුහුණුකරු ඇයට මුණගැසෙන්නේ එතැනදීය. ඇයගේ හැකියාව නිවැරදිව හඳුනාගෙන සුසන්ත ඇයව මීටර 800 ඉසව්ව වෙත යොමු කළේය.  ඒ සමගම පාසල් ගුරුවරු ඇයට සම බර පෞරුෂය පවත්වා ගැනීමට උදව් කළහ. සාමාන්‍ය පෙළ විභාගය ඒ සාමාර්ථ තුනක් සහ බී සාමාර්ථ හයක් සමග සමත් වී වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන ඇයගේ වාසනාවට දැන් නිසි ලෙස විභාගයට සූදානම් වීමට විභාගයත් කල් ගොස්ය. ඒ පිණිවිඩය එන්නේත් ඇය රන් පදක්කම දිනා ගත්  අද දිනයේමය.

තරුෂිගේ අම්මා වරක් අපට මෙසේ කීවාය. “දරුවන් ගේ ක්‍රීඩා කටයුතු වලට සල්ලි ඕන නිසා උඩුදුම්බර ඉඩම් විකුණුවා. පුහුණු වීම් වලට පහසු නිසා දිගනෙන් රුපියල් 18000 කට ගෙයක් කුලියට ගත්තා. අමාරුවෙන් හැම දේම කළා. දරුවන්ගේ ක්‍රීඩා බඩුවලට පෝෂණ කෑමට විශාල වියදමක් දරන්න සිද්ධ වුනා. අත කණ කර උකස් කරලා සල්ලි අරන් කොහොම හරි අභියෝගවලට මුහුණ දුන්නා. “

ඒ අම්මාත් තාත්තාත් තමන්ගේ අනාගතය සිය නැගනිය වෙනුවෙන් කැප කළ අයියාත් මේ මොහොතේ මේ ලෝකයේ සිටින ප්‍රීතිමත්ම මිනිසුන් යැයි විශ්වාස කරමි.

මීට වඩක් නැත. කෙල්ල දිනුම්ය. හොඳටම දිනුම්ය. ආසියාව දිනූ ඇය හෙට ලෝකයත් දිනනු ඇති බවට විශ්වාසය.

දැන් බලාපොරොත්තු නැති රටකට අලුත් බලාපොරොත්තුවක් ඇති බව ලියා තැබිය යුතුය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

උසස් පෙළ ජනවාරියට කල් යයි…

Next Post

සීතාට පැය එක හමාරක සැත්කමක්…  සැත්කම කළ ස්ථානයෙන් ලෝහ කුඩු සොයා ගනී….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.