ශ්‍රියානි විජේසිංහ –
මයියංගනය පුද බිමේ දී වෙඩි වැදී තුවාල සිදුව ඇති සීතා ඇතින්නට මීට සුළු මොහොතකට කලින් සිදුකල සැත්කමේදී වෙඩි වැදී ඇති ස්ථානයේ ලෝහ කුඩු තිබී සොයගත් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ ප්‍රධානී මහාචාර්ය අශෝක දංගොල්ල ලංකාසර කළ විමසුමකදී පැවසුවේය.
වෙඩි වැදුණු ස්ථාන 7ක් බාහිරින් පෙන්නුම් කලද එක්ස්කිරණ පරික්ෂණයේදී කිසියම් කැබලි 8ක් තිබෙන බව පෙන්නුම් කර ඇත.
මෙම වාර්තාවන් අධ්‍යනයක කරමින් අද සිදුකල ශල්‍යකර්මයේදී ලෝහ කැබලි, හෝ පතුරෙම් නොතිබූ බවත් ඒ වෙනුවට ලෝහ කුඩු එක ස්ථානයක තිබූ බවත් මහාචාර්යවරයා පැවසුවේය.
මහාචාර්යවරයා ප්‍රමුඛ විශේෂඥ කණ්ඩායමට මෙය අදහා ගත නොහැකි දෙයක් වූ බවත් ඔවුන් මෙවැනි දෙයක් බලාපොරොත්තු නොවූ බවත් මහචාර්ය දංගොල්ල මහතා සදහන් කළේය..
ඇතින්න සිහිනැතිකර පැය 1 ½ ක සැත්කමක් සිදුකළ අතර එක්ස් කිරණ පරික්ෂණයෙන් පෙන්නුම් කළ කැබැල්ලැක් වැනි දෙයක් තිබෙන ස්ථානය පරික්ෂා කිරීමේදී සම පිච්චී ගොස් ඇති අයුරු දැක ගැනීමට හැකි විනැයිද පැවසු මහාචාර්ය වරයා සැත්කම සිදුකළ ස්ථානයේ විශාල තුවාලයක් දැන් සෑදී ඇති බැවින් එයට අවශ්‍ය ප්‍රතිකාර කළබවද හෙතෙම පැවසුවේය.
කෙසේ නමුත් අනෙකුත් ස්ථානයන්ගේද මෙවැනිම තත්ත්වයක් තිබිය හැකි බැවින් එවැනි ස්ථානයක් කපා ඇතින්නට වේදනා නොදීමටත් ඇතින්නට සැත්කම් කිරිම අනවශ්‍ය බව හැගී ගියෙන් මේ වන විට ඇතින්නට කරනු ලබන සැත්කම් එකකට පමණක් සීමා කළ බවත් මහාචාර්යවරයා කීය.
කෙසේ නමුත් ඉදිරියේදී ඇතිවන තත්ත්වයන් අනුව කළ යුත්තේ කුමක්ද යන්න තීරණය කිරිමට විශේෂඥ කණ්ඩායම මෙහිදී තීරණය කළේ යැයිද දංගොල්ල මහතා පැවසුවේය.
මේ වන විට සීතා ඇතින්න සිහි ලබා සාමාන්‍ය පරිදි සිටින බවත් ආහාරපාන වෙනදා මෙන් ලබා ගැනීමේ වෙනසක් නොමැති බවත් මහාචාර්යවරයා කීය.