2023 අ.පො.ස උසස් පෙළ විභාගය 2024 ජනවාරි 4 සිට 2024 ජනවාරි 31 දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය අද (04) නිවේදනය කළේය.
මීට අදාල සංශෝධිත කාල සටහන ඉදිරියේ දී දැනුම් දෙන බව ද අමාත්‍යාංශය දන්වා ඇත.
2023 අ.පො.ස උසස් පෙළ විභාගය මින් පෙර නොවැම්බර් 27 සිට දෙසැම්බර් 2 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබුණි.
සිසුන්ට විභාගයට සූදානම් වීමට කාලය ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම් මත විභාග කල් දැමූ බව අමාත්‍යවරයා පසුගිය මස එම අවස්ථාවේදී ප්‍රකාශ කළේය.