ලලිත් චාමින්ද –
මෙරට එළ ගවයින් 148000ක් ඉකුත් වර්ෂයේ දි (2022) ඝාතනයට ලක්ව ඇති බැව් ශ්‍රි ලංකා මහ බැංකුව විසින් මෙරට ආර්ථික හා සමාජ දත්ත සම්බන්ධයෙන් නිකුත් කොට ඇති වාර්තාවක සඳහන් වේ.
මෙම සංඛ්‍යා දත්ත අනුව 2021 වර්ෂයට වඩා ඉකුත් වර්ෂයේ දි එළ ගවයින් ඝාතනය විම 4000කින් පමණ අඩුවි ඇත. 2021 වර්ෂයේ දි මෙරට එළ ගවයින් 152000ක් ඝාතනයට ලක්ව තිබුණි. 2022 වර්ෂය වනවිට මෙරට එළ ගවයින් සංඛ්‍යාව 11,28000ක් වු අතර කිරි නිෂ්පාදනය ලිටර් මිලියන 419කි. එළ කිරි නිෂ්පාදනය ද 2021 වර්ෂයට වඩා 2022 වර්ෂයේ දී ලිටර් මිලියන හයකින් අඩුවි ඇත.
එමෙන්ම ඉකුත් වර්ෂය තුළ බැටළුවන් හා එළුවන් 43000ක් ඝාතනයට ලක්වි තිබු අතර ඌරන් 18000ක් ඝාතනයට ලක්ව ඇති බවද මහ බැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවේ සදහන් වේ. මෙම සංඛ්‍යා දත්ත අනුව 2021 වර්ෂයට වඩා 2022 වර්ෂයේ ඌරන් ඝාතනය කිරිම හරි අඩකින් පමණ අඩුවි ඇත. 2021 වර්ෂයේ දි ඌරන් 33000ක් ඝාතනය කොට තිබුණි.