“තමන් නොදන්නා මගුලක් කරන්නට ගොස් රතන සාදු සහ පාදෙණිය දොස්තර රටට ඇන්නූ හැටි“ පේරාදෙණිය සරසවියේ කෘෂි විද්‍යා අංශයේ ආචාර්ය ආචාර්ය වර්ශි දන්දෙනිය සිය මුහුණු පොතේ සටහනක් තබමින් හෙළි ක තිබේ.
ක්ෂේත්‍ර පර්යේෂණ යනු මොනවාද නොදැන මේ යුවල කළ පර්යේෂණත්, මේ පුද්ගලයින්ගේ පර්යේෂණවලදී ඔවුන්ට හොරෙන් රසායනික පොහොර ක්ෂේත්‍රයට දමා ඔවුන්ව නොමග යැවූ ගොවීනුත්, මේ සියල්ල දකිමින් මුණිවත රැකි කෘෂිකර්ම බලධාරීනුත් කළ විගඩම දිට්ඨධම්මවේදිනීය කර්මයක් වී පටිසන් දී ඇති බව ඇය කියයි. සමහරේක කන්තලේ අට්ටාලයකට වී උපවාස කරමින් ඒ කර්මය ගෙවා දමන බවද ඇය පවසයි.
ආචාර්ය හර්ශි දන්දෙනිය තැබූ ඒ අතිශය යථාර්ථවාදී සටහන මෙසේ උපුටා දක්වමු.
දිට්ඨදම්මවේදනීය කර්ම….
ශාක පෝෂණය පිළිබඳව පර්යේෂණ සිදු කරනා විට ක්ෂේත්‍ර පර්යේෂණ සිදු කිරීම අනිවාර්ය වේ. උදාහරණයක් ලෙස නව පොහොරක් හෝ පොහොර යෙදීමේ ක්‍රමයක් හඳුන්වා දීමට පෙර පර්යේෂණ ක්ෂේත්‍රවල සහ ගොවි වගා බිම්වල ඒ දේ අත්හදා බැලිය යුතුය.
ගොවීන් සමග ක්ෂේත්‍ර පර්යේෂණ කිරීම වෙනම කලාවකි. අපි මොනවා කිවුවත් දුන්නත් වැඩෙන බෝගය ඔවුන්ගේ දරුවාය. එමනිසා පර්යේෂණය පිළිබඳ සියල්ල විස්තර කර අස්වනු හානියක අවදානම පැහැදිලි කර අපේ උපදෙස් පරිදි තම වගා බිමේ කොටසක ක්ෂේත්‍ර පරීක්ෂණයක් කිරීමට කැමති අයවලුන් තෝරාගෙන අපි පරීක්ෂණ පටන්ගන්නෙමු.
මේ ක්‍රියාවේදී අනිවාර්යයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ක්ෂේත්‍ර පර්යේෂණ සහායකයින් යොදා ගනිමින් නිතරම ක්ෂේත්‍ර පරීක්ෂාවේ යෙදීම අප කරන්නේ අපට අවශ්‍ය ලෙසම තත්ත්වයන් පාලනය කළයුතු නිසාය. නැත්නම් අපේ පරීක්ෂා කරන ප්‍රතිකාරයට (treatment) අනුව බෝග වර්ධනයේ අඩුවක් දුටු විට හදවත කකියන ගොවි මහතා හොරෙන්ම පොහොර ටිකක් යොදන්නට ඉඩ තිබේ. එසේ වුවහොත් එම ක්ෂේත්‍රය පර්යේෂණයෙන් ඉවත් කරන්නට සිදුවේ. මේ දේ වලක්වාගන්න අපි පහත සදහන් දේ සිදු කරන්නෙමු.
- කෘෂි නිලධාරීන් හරහා පර්යේෂණ සදහා නැඹුරුවක් දක්වන උනන්දු සහ ඒ අත්දැකීම් ඇති ගොවි මහතුන් හදුනා ගැනීම.
- ඔවුන් සමග හොඳින් සාකච්ඡා කර පර්යේෂණය පැහැදිලි කරදීම.
- සතියකට වතාවක්වත් ක්ෂේත්‍ර පරීක්ෂා කිරීම
- නියමිත යෙදවුම් භාවිතා කරන සැම විටම ක්ෂේත්‍ර නිරීක්ෂණය කිරීම
- ගොවි බිම්වල කරන පර්යේෂණයට සමාන්තරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ගොවිපොළවල ක්ෂේත්‍ර පර්යේෂණය සිදු කිරීම
මේ තරම් මහන්සි වෙන්නෙ එම පර්යේෂණ ප්‍රතිඵලවල ඇති වැදගත්කම නිසාවෙනි.
පසුගිය වසර කිහිපය තුළ ඇතිවූ නව ප්‍රවණතාවක් වන්නේ දොස්තර පාදෙනිය සහ රතන සාදු වැන්නවුන් (තව ඉන්ජිනේරුවො කිහිපදෙනෙකුත් ඉන්නවා) රජයේ මුදල් ඉමහත් ලෙස යොදා ගනිමින් (මිලියන ගනන්) විශාල ලෙස ගොවිබිම්වල කෘෂි ක්ෂේත්‍ර පර්යේෂණ සිදු කිරීමයි.
අර මා මුලින් සඳහන් කල සැලකිලිමත් විය යුතු කරුණු ඔවුන්ට අදාල නැත. තම විෂය පථයට අදාල නොවන් දේ සිදු කරන විට එය පුදුමයක් නොවේ.
සාදුගේ සහ දොස්තර මහතාගේ සිත නොරිදවන්නටත් තම දරුවන් වැනි ගොයම කහ ගැහෙණු බලා සිටීමටත් අකමැති වූ බොහොමයක් ගොවීන් කාබනික ප්‍රතිකාරක අත්හදා බැලූ ගොයමට යූරියා දැමූ බව කෘෂි පර්යේෂණ ක්ෂේත්‍රයේ සියලු දෙනාටත් එම ප්‍රදේශවල ගොවීන්ටත් නොරහසකි.
එසේ බොරු කර සාදුට සහ දොස්තරට උදම් අනන්නට ඉඩදුන් ගොවි මහතුනි…. ඔබේ ඒ ක්‍රියාවෙන් දැන් රටම ඇනී ඇත.
මේ වැරදි දැක දැකත් නිහඬව සිටි සියලු වගකිවයුතු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ ව්‍යසනයේ කොටස් කරුවෝය. දැන්වත් ඒ නොපණත්කම් හෙළිකරන්නේනම් යහපත් ය.
නොදන්නා මගුලක් කරන්නට ගොස් මහජන මුදල් නාස්ති කළ රතන සාදු සහ පාදෙනිය ප්‍රධාන වැරදිකරුවෝ ය.
මොවුන් දෙදෙනාගේ බොරු පර්යේෂණවලට ඉඩදී සිටි ගොවීන් සහ නිලධාරීන් සිය කර්මය ගෙවමින් සිටිති.
සමහරෙක් කන්තලේ අට්ටාලයේ උපවාසයේද යෙදෙමින් සිටී.