ඉන්ධන ලබා ගැනීම සඳහා අධික පෝලිම් තිබියදීත් ඉන්ධන නැතැයි පාරිභෝගිකයන් මුළා කළ මහනුවර ගෙලිඔය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් දෙකක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මිල ඉහළ යාවි යැයි සිතා ඉන්ධන තොග තිබියදීත් ඒවා නිකුත් නොකර සඟවා තබා ගත් බවට මොවුන්ට චෝදනා එල්ල වී ඇත.
පාරිභෝගිකයින් ඉන්ධන පෝලිම්වල සිටියදීම ඛනිජ තෙල් සංස්ථාවට දුරකථන මගින් පැමිණිලි කර ඇති අතර එම අවස්ථාවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කණ්ඩායමක් එහි ගොස් සිදුකළ පරීක්ෂාවේදී ඟවා තිබූ පෙට්‍රල් ලීටර විසිහතර දහසක් සොයා ගැනීමට හැකිව තිබේ.
ඉන්ධන ලබා ගැනීම සඳහා දිග පෝලිම් තිබියදීම ඉන්ධන පිරවුම්හල් දෙකේ සේවකයින් ඉන්ධන තොග අවසන් බව කියා ඉන්ධන නිකුත් කිරීම නතර කර තිබූ බවත් දැනගන්නට තිබේ