සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට හිඟමනට වැටුණු හැටි…. ඩොලර් බිලියන 4ක් වාර්ෂිකව කොල්ල කන ලංකාවේ ජඩ හොරු ගැන ඇමරිකාව හෙළි කරයි!

අවුරුද්දටම තෙල් ගන්න වැයවන ඩොලර් වලට   සමාන මුදලක් ආනයන අපනයන ව්‍යාපාරිකයින් හොර ඉන්වොසියස් වලින් කොල්ල  කනවා.......

by editor
ජූලි 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • අයි.එම්.එෆ් එක ලඟ දනින් වැටී ඉල්ලන්නෙ ඩොලර් බිලියන 4යි… එනම් ඩොලර් මිලියන 4000යි… බංගලියො ලඟ ආත්මය විකිණුවෙ ඩොලර් මිලියන 500කට…

  • ඉන්දියාව රටම යට කරගන්න හදන්නෙ චීනය රටේ සම්පත් ඩැහැගන්න හදන්නෙ ඩොලර්  මිලියන දෙතුන් දහසකට…

  • රටට ගෑස් නැවක් ගේන්න බැරි ඩොලර් මිලියන 11ක් නැති නිසා… මාසයකටම  ගෑස් ආනයනය සඳහා වැය වෙන්නෙ ඩොලර් මිලියන 110 යි…

  • පෙට්‍රල් මෙට්‍රක් ටොන් 41,000ක නැවක් ගෙන්වන්න බැරි වුනේ රටට ඩොලර් මිලියන 42.6ක් නැති නිසා….

  • එහෙව් රටේ  සෑම අවුරුද්දකම කොල්ල කන දේශීය ආදායම ඩොලර් බිලියන 04ක්… එනම් ඩොලර් මිලියන 4000ක්… හොරකම නවත්වා රට ගොඩ ගත හැකි ආකාරය ගැන කියන කතාව අහන්න….

ආනයන සහ අපනයන කටයුතු වල  නිරත ශ්‍රී ලංකීය ව්‍යාපාර   ගතවූ වසර නවයක කාලයේදී දැනුවත්ව ව්‍යාජ ලෙස සකස් කළ ඉන්වොයිස් මගින් සහ විදේශ විනිමය ඉපැයිම්    අක්වෙරළ සමාගම්වල තැන්පත් කිරීමෙන් කොල්ල කෑ මුදල් ප්‍රමාණය   ඇමරිකානු ඩොලර් බිලියන 36.833ක් බවත් එම  මුදල ජාතික ආර්ථිකයට අහිමි වී ඇති බවත්   නවතම වර්තාවකින් අනාවරණය වේ.

ඒ අනුව වාර්ෂිකව මෙම වංචනික ඉන්වොයිස් හේතුවෙන් මෙරට ආර්ථිකයට ඇමරිකානු ඩොලර් බිලියන 4.093ක්  අහිමි වන අතර එය මෙරට වාර්ෂිකව ආනයනය කරනු ලබන ඉන්ධන වලට ගෙවන මුදලට සමාන බවද ඇමරිකාවේ වොෂින්ටන් ඩී.සී හි පිහිටි ග්ලෝබල් ෆයිනෑන්ෂියල් ඉන්ටරග්‍රිටි පෙන්වා දෙයි.

මෙහිදී වාර්ෂිකව ව්‍යාජ ඉන්වොයිස් මගින් මෙරටට අහිමි වූ මුදල ක්‍රමානකූලව ඉහළගොස් ඇත. ඒ අනුව 2009 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 2.650ක් මෙරටට අහිමි වී ඇති අතර එය බිලියන 5.026ක් දක්වා 2017 වර්ෂයේදී ඉහළ ගොස් ඇත.

මේ අතර ග්ලෝබල් ෆයිනෑන්ෂියල් ඉන්ටර්ග්‍රිටි පෙන්වා දෙන ආකාරයට ව්‍යාජ ඉන්වොයිස් යොදා ගැනීම මගින් මුදල් විශුද්ධිණයේ යෙදී ඇත. එහිදි නීති විරෝධීව උපයාගත් මුදල් වලට නිතිමය පසුබිමක් ලබාදීමට මෙම කටයුතු යොදාගෙන ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

අදාල ව්‍යාජ ඉන්වොස්  යොදා ගැනීම ඉතා සූක්ෂමව සහ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ අනුදැනුම මත සිදුවන බවද ග්ලෝබල් ෆයිනෑන්ෂියල් ඉන්ටරග්‍රිටි පෙන්වා දෙන අතර ඊට දේශපාලඥයින්ගේ සහයද ලැබිය හැකි බවට සැක පළකරයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කෙසේවෙතත් මෙම වංචනික ක්‍රියාවන් වැලැක්වීමට නිසි නීති හදුන්වා දිය යුතු බවත් එමගින් ව්‍යාජ ඉන්වොයිස් යොද ගැනීම පාලනය කිරීමට හැකියාව නිර්මාණය වනු ඇති බවද ග්ලෝබල් ෆයිනෑන්ෂියල් ඉන්ටරග්‍රිටි විශ්වාස කරයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සිපෙටිකෝ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ඉවත් වන තුරු පිරවුම්හලට ඉන්ධන ලැබෙන්නෙ නෑ… බලශක්ති අමති දන්වයි..

Next Post

කොවිඩ් යළි හිස ඔසවමින්… අමතකව ගිය සෞඛ්‍ය පුරුදු යළි සිහිකර ගන්න… වර්ධක මාත්‍රාව ගන්න… 

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.