දෛනිකව 25ක් ලෙස වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ක්‍රමයෙන් වර්ධනය විය හැකි බැවින් වහාම වර්ධක මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කරන්නැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් තරයි..
මෙි වන විට වයස අවුරුදු 20ට වැඩි ඉලක්කගත ජනගහනයෙන් වර්ධක මාත්‍රාව ලබාගෙන ඇත්තේ සියයට 54ක ප්‍රමාණයක් බැවින් ඉතිරි සියලුම දෙනා වර්ධක මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කරන්නැය විශේෂඥවරයා ඉල්ලා සිටියි.
මේ අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් මෙන්ම නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන පුද්ගලයින් සිටින්නේ නම් ඔවුන් වහාම ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලව වෙත හෝ රජයේ රෝහලක් වෙත ගොස් එන්නත ලබා ගන්නැයිද විශේෂඥවරයා සඳහන් කරයි.
මේ වන විට ලෝකයේ ඇතැම් රටවල් තුළ කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදයන් පැතිරෙමින් පවතින බැවින් අමතකව පවතින සෞඛ්‍ය පූරුදු නැවත ත්‍රියාවට නංවා ගන්නැයිද වෛද්‍ය ගිනිගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කළේ කොවිඩ් වයිරසය වැලදුණ දරුවන් ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බැවින් ඒ පිලිබඳව වඩාත් කල්පනාකාරී වනලෙසය.