වසරක් දෙකක් තුළ ඩොලර් බිලියන 7ක ධනස්කන්ධයක් විනාශ කර රට හිඟමනට දැමූ ආකාරය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බව කියන මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් මේ රටේ රත්තරන් සංචිතවලට සිදුවූයේ කුමක් දැයි විමසති.
උන්වහන්සේ මේ බව විමසා සිටියේ රාගම ශික්ෂණ රෝහලේ දේවස්ථානයට වසර 40ක් පිරීම නිමිතිකොටගෙන උන්වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ දේව මෙහෙයක දී ය.
කාදිනල් තුමෝ මෙසේත් පැවසූහ.
“මේ රටට සහෝදරත්වය සහ සහයෝගය අවශ්‍යයයි . රට කියන්නෙ දේශපාලන නායකයින් නොවෙයි. ජනතාව. ජනතාවගේ පැත්තෙනුයි අප රටට උදව් කළ යුත්තේ. දේශපාන නායකයින්ට උදව් කිරීම බොරු වැඩක්.“
“අවුරුදු ගණනාවක් තිස්සේ මේ රටේ සම්පත් විනාශ කිරීමේ වැඩපිළිවෙළට වගකියන්න ඕන එක් පිරසක් නොවෙයි. මේ දේශපාලන නායකයින් කණ්ඩායම් කීපයක් ඊට වගකිව යුතුයි.“
“ඩොලර් බිලියන 7ක 8ක ධනස්කන්ධයක් කොහොමද බින්දුවට බැස්සෙ.. කොහොම ද එක් වුනේ ?. රත්තරන් තොග අතුරුදහන් වුනේ කොහොම ද?. මේ නාස්තිය කළේ කවුද?. “
“අපේ ජනතාව දැනගන්න ඕන කවුද මේ සල්ලි නාස්ති කළේ කියලා. මේ මොඩ තීරණ ගත්තෙ කවුද කියලා. නායකයෙකුට බලය දෙන්නේ ජනතාව සුඛිත මුඛිත කරන්න. එහෙමනෙ පොරොන්දු වුනේ. ඒත් අවුරුදු දෙක තුනකින් රට හිඟා කන තත්ත්වයට පත් කිරීම සම්බන්ධව සම්පූර්ණ විමර්ශනයක් කිරීමට අවශ්‍යයයි. ඒ කරලා ඒ අයගෙන් ඒව අය කරගත හැකිනම් අය කරගෙන යළි මෙවැනි තත්ත්වයක් රටේ ඇති නොවන ලෙස වැඩ කළ යුතුයි. විනිවිද පෙනෙන වැඩපිළිවෙළක් රටට හැදිය යුතුයි.එය තමයි අපේ රටේ පීඩාවට පත් වෙලා ඉන්න ජනතාවට ලබා දිය හැකි එකම උත්තරය. “
කාදිනල් තුමෝ කීහ. එම අවස්ථාව හිරු පුවත් සේවය වාර්තා කර තිබුණේ මෙසේය.
&;