නිසි වෙලාවට බැංකු සහ ප්‍රසම්පාදන කටයුතු ඉටු කරගැනිමට නොහැකි වීම නිසා මේ සතියේ මුල සහ ලබන සතියේ නැව්ගත කිරීම් තහවුරු කළ පෙට්‍රල් ඩීසල් සහ බොරතෙල් සැපයුම්කරුවන් සිය සැපයුම් නියමිත වෙලාවට සිදුකළ නොහැකි බව දන්වා ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර පවසයි.
ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මේ සම්බන්ධව තමන් දැනුම්වත් කළ බවත් මේ දැනුම් දීම සිදුකරන්නේ කණාගාටුවන් බවත් ඇමතිවරයා කියයි.
මේ වනවිට රටේ පෙට්‍රල් සංචිත හිඳී ඇති බව ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග කියයි.
Fuel Update
1) Regret to inform that CPC has informed me that the suppliers that had confirmed Petrol, Diesel and CrudeOil Shipments to arrive earlier this week and next week has communicated the inability to fulfill the deliveries on time for banking and logistic reasons.— Kanchana Wijesekera (@kanchana_wij) June 25, 2022