අද (18) දිස්ත්‍රික්ක 06 කට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කෙරේ .
මාතර, පුත්තලම, මන්නාරම, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවල මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි අපේක්ෂා කෙරේ.
අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද අපේක්ෂා කෙරේ.
කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැක.
සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී.25-35 පමණ වේ. කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ, ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45-55 දක්වා වැඩි විය හැක.
කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ, ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ අපේක්ෂා කළ හැක







