සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

බඩගින්නට නොමැරී ඉන්න මී මස් කන ඉන්දියාවේ මිනිස්සු!

by editor
ඔක්තෝබර් 18, 2022
in ජීවිතය
Share on FacebookShare on Twitter

බීබීසී –

සාගතය, දරිද්‍රතාව, යුද්ධය, රෝග ….. අපගේ ආහාර රටාව විශාල ලෙස වෙනස් කළ හැකි සාධක රාශියක් ඇත.

දරුණු කුසගින්න සහ මන්දපෝෂණය ලෝකයේ බොහෝ ප්‍රදේශවලට එදිනෙදා අභියෝගයක්ව ඇති අතර, එහි පරිමාණය සැබවින්ම අති විශාල ය. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසන්නේ සෑම රාත්‍රියකම මිලියන 828ක ජනතාවක් කුසගින්නේ නින්දට යන බවත්, මිලියන 345ක් ආහාර නොමැතිවීමේ දරුණු තත්ත්වයකට මුහුණ දෙන බවත්ය.

ලෝක ආහාර දිනයට (ඔක්තෝබර් 16) පෙර, BBCය ලෝකයේ විවිධ ප්‍රදේශවල වෙසෙන අධික කුසගින්නෙන් පෙළෙන පුද්ගලයින් සිව්දෙනෙකු සමග කතාබහ කළ අතර, ඔවුන් කුසගින්න නිවා ගන්නේ කෙසේදැ යි ඔවුන්ගෙන් විමසීය.

‘මට කන්න ගන්න පුළුවන් මී මස් විතරයි‘

“මම මීයො කන්නේ පොඩිකාලේ ඉඳන්. ඒත් කිසිම වෙලාවක මට ලෙඩක් දුකක් ඇතිවෙලා නැහැ. මම මගේ අවුරුදු දෙකේ මිනිබිරීටත් මී මස් දෙනවා. අපි දැන් ඒකට හුරුවෙලා,” දකුණු ඉන්දියාවේ වෙසෙන රාණි පැවසුවා ය.

රාණි සතියකට දෙවතාවක්වත් මී මස් අනුභව කරයි

භාණ්ඩ මිල ඉහළ යෑම හමුවේ සාගිනි අරගලයක් ඇතිවෙයිද?

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ඉදිරි මාසයේ ආහාර අර්බුදය තවත් උග්‍රවෙයිද?

පහ ශ්‍රේණිය දක්වා පමණක් අධ්‍යාපනය ලබා ඇති, මේ වන විට 49-හැවිරිදි රාණි, ඉන්දියාවේ වඩාත්ම ආන්තික ප්‍රජාවන්ගෙන් එකකට අයත් වන ස්ත්‍රීයකි.

ඉන්දියාවේ කුලය මත පදනම්වූ සමාජ ආකෘතිය හේතුවෙන් රාණි අයත් ජන කොට්ඨාසය පහත් තත්ත්වයේ සැලකිලිවලට ලක්වෙයි. බන්ධිත කම්කරුවන් ලෙස සේවයේ යොදවා ඇති ඉරුලා නම් ප්‍රජාවේ මිනිසුන් එයින් මුදවාගන්නා රාජ්‍ය නොවන සංවිධානයක් සඳහා රාණි සේවය කරයි.

“අපි කවදත් ජීවත් වුණේ නගරවලින්, ගම්වලින් පිටත. අපේ අම්මා තාත්තලා, ආච්චිලා සීයලා අපට කියලා තියෙනවා, සමහර කාලවලදී ඒගොල්ලන්ට කන්න අලයක්වත් තිබුණේ නෑ කියලා. ඒ වගේ දුෂ්කර කාලවල දී අපට ඕනේ කරන කෑම විදියට ගත්තේ මීයන්ව,” රාණි අපට පැවසුවා ය.

“මම මීයො අල්ලන්න ඉගෙනගත්තේ පොඩිකාලේ දීම යි.”

කුඩාකල දී රාණිට ලැබුණු එම පුහුණුව, දැන් ඇගේ පවුලේ සැමට අවම වශයෙන් සතියකට දෙවතාවක්වත් මී මසින් කුසගිනි නිවාගන්නට උපකාරී වේ.

ඉරුලා ජනයා සාමන්‍යයෙන් අනුභව කරන්නේ නිවෙස් ආශ්‍රිත මීයන් නොව, කුඹුරු ආශ්‍රිතව ගැවසෙන මීයන් විශේෂයකි.

රාණි විවිධ ආකාරවලට මී මස් පිසියි

“අපි මීයන්ව හමගහලා, ඒ මස ගින්දරෙන් පුළුස්සලා කනවා. සමහර වෙලාවට අපි ඒ මස් පොඩි කෑලිවලට කපලා, පරිප්පුයි සියඹල ඉස්ම යි එක්ක හොද්දක් විදියට හදලා කනවා,” රාණි අපත් සමග පැවසුවා ය.

මීයන් තම ගුල්වල සඟවා තබන ධාන්‍ය ද ඉරුලාවරු අනුභව කරති.

“මට කුකුල් මස් හරි, මාළු හරි කන්න පුළුවන් මාසෙකට වතාවක් විතර යි. ඒත් මීයො නම් නොමිළේම, ඇතිපදම් හොයාගන්න පුළුවන්,” ඇය වැඩිදුරටත් පැවසුවා ය.

‘මම මඩ වතුර බීල තියෙනවා, මිනිස්සු මළකුණුවල මස් කනවාත් දැකල තියෙනවා‘

මේ වන විට සෝමාලියාව විශාල සාගින්නකින් පෙළෙන බවත්, වසර 40කට පසු එම රට මුහුණපෑ දරුණුතම නියඟයෙන් මිලියනයකට අධික ජනතාවක් දැනටමත් අවතැන් වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.

සත්දරු මවක් වන හතළිස් හැවිරිදි ෂරිෆෝ හසන් අලි ද එසේ අවතැන්වූවන්ගෙන් කෙනෙකි.

ෂරීෆෝ හසන් අලි පවසන්නේ, මියගොස් දින ගණනක් ගතවූ සතුන්ගේ මළකුණු ද ඇතැමුන් අනුභව කළ බව යි

පහළ ෂැබෙල් කලාපයේ විසූ ඇයට තම ගම අත්හැර, දින පහක් තිස්සේ කිලෝමීටර් 200කට වැඩි දුරක් පයින්ම ගමන්කර මොගඩිෂු අගනුවරට පිටතින් පිහිටි තාවකාලික ජනාවාසයකට පැමිණීමට සිදුවිය.

“ඒ ගමනේ දී අපි දවසට එකපාරයි කෑවේ. කෑම අඩු වුණාම ළමයින්ට කන්න දීලා අපි බඩගින්නේ හිටියා,” ඇය පවසන්නී ය.

ඇගේ ගමන අතරතුර දී ඇය කම්පනසහගත දර්ශන කිහිපයක් දැක තිබුණි.

“ගඟ සම්පූර්ණයෙන්ම හිඳිලා ගිහින් තිබුණා. අවුරුදු ගාණක් තිස්සෙම ඒකෙ වතුර පොඩ්ඩයි තිබුණේ. ඉතින් අපට මඩ වතුර බොන්න වුණා,” යනුවෙන් ද හසන් අලි පැවසුවා ය.

“මොගඩිෂු යන අතරතුරදී මම මැරිච්ච සත්තු සියගාණක් දැක්කා. මිනිස්සු ඒ මළකඳන් පවා, ඒ සත්තුන්ගේ හම් පවා කනවා මම දැක්කා.”

හසන් අලි සතුව එළදෙනුන් 25ක් සහ එළුවන් 25ක් සිට ඇත. ඒ සියල්ලෝම නියඟයට හසුව මියගියෝ ය.

“වැස්සක් නැහැ, ඒ නිසා මගේ ගොවිපොළේ කිසිදෙයක් වැවෙන්නේ නැහැ,” ඇය පවසයි.

සෝමාලියාවේ නියඟය හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් අවතැන්ව සිටිති

මේ වන විට ඇය දිනකට උපයන්නේ ඩොලර් දෙකකටත් වඩා අඩු මුදලකි – ඒ වෙනත් පුද්ගලයින්ගේ රෙදිපිළි සෝදාදීම මඟිනි. එය ආහාරවලට කිසිසේත්ම ප්‍රමාණවත් මුදලක් නොවේ.

හාල් කිලෝවකුයි එළවලු ටිකකුයි ගන්නත් ඒක මඳි. ඒ කෑම ප්‍රමාණෙත් හැමෝටම ඇතිවෙන්නේ නැහැ. මේ නියඟේ අපට දරුණුවට බලපෑවා.”

සහනාධාර ලබා දෙන ආයතනවලින් ඇයට යම් සහායක් ලැබෙන නමුත් එය ප්‍රමාණවත් නොවන බව පැවසු හසන් අලි, තව දුරටත් “දැන් අපට මොකවත්ම නැහැ” යි ද පැවසුවා ය.

‘මගේ පවුල යැපෙන්නේ ඉවතදාන සම් සහ ඇටකටුවලින්”

පසුගිය වසර දෙක තුළ, සාඕ පවුලෝහි වෙසෙන 63 හැවිරිදි විශ්‍රාමික ස්ත්‍රීයක් සහ මිත්තණියක් ද වන ලින්දිනල්වා මරියා ද සිල්වා නසිමෙන්ටෝ අනුභව කර ඇත්තේ මස් කඩකරුවන් ඉවතලන ඇටකටු සහ සම් ය.

ලින්ඩිනල්වා

ඇයට ඇගේ ස්වාමිපුරුෂයා, ඇගේ පුතෙකු සහ මුණුබුරන් දෙදෙනෙකු පෝෂණය කිරීම සඳහා දිනකට ලැබෙන්නේ ඩොලර් හතරක් පමණි. ඇයට මස් මිලදී ගැනීමට මුදල් ප්‍රමාණවත් නොවන නිසා විවිධ මස් කඩවලට ගොස් මස් ඉවත්කිරීමෙන් පසු ඉතිරිවන කුකුළු කොටස් සහ සම් මිල දී ගන්නී ය. එයටත් කිලෝවකට ඩොලර් සත 70ක් පමණ වැයවේ.

“මම ඒ ඇට කෑලි උයන්නේ හමේ ඉතුරු වෙච්ච මස් කෑලිත් දාලා. ඒකට රස එක්කරන්න බෝංචිත් දානවා.”

කුකුළු මස්වල සම තෙල් නොමැතිව බඳුනක දමා බදින අතර, එයින් එකතුවන මේදය වෙනම ගබඩාකර තබන බව ඇය පවසයි. ලින්ඩිනල්වා එය හිස් මෙයොනීස් සහ මුදවන ලද කිරි භාජනවල ගබඩාකර, පසුව වෙනත් ආහාර බැදීම සඳහා එය ප්‍රයෝජනයට ගන්නී ය.

“මට පලතුරු, එළවළු හෝ පැණිරස කෑම සල්ලිවලට ගන්න හිතන්නවත් බැහැ. ඉස්සර මගේ ෆ්‍රීසර් එක පිරෙන්න මස්, එළවළු තිබ්බා, ෆ්‍රිජ් එකේ ගෝවා, තක්කාලි, ළූණු, ඕනෑ තරම් තිබ්බා,” ඇය පවසන්නී ය. “අද ඒක හිස්. මට තියෙන එකම දේ පළතුරු වට්ටියේ තියෙන ලූණු ගෙඩියක් විතරයි.”

වසංගතය අතරතුර දී ලින්ඩිනල්වාට ඇගේ රැකියාව අහිමිවූ අතර ඇගේ පුත්‍රයා ද රැකියා විරහිතව සිටියි.

මං අඳුනන අයගෙන් ලැබෙන කෑම යි, මේ පැත්තේ කතෝලික පල්ලියෙන් ලැබෙන උදව් නිසා යි මම ජීවත් වෙන්නේ,” ඇය පවසයි.

ආර්ථික දුෂ්කරතා බහුලවීම හේතුවෙන් ඉවතලන මස් පවා ලබාගැනීම ලින්ඩිනල්වාට අපහසුවිය

බ්‍රසීලයේ මිලියන 33කට අධික ජනතාවක් කුසගින්නේ පසුවන බව බ්‍රසීලයේ ආහාර සුරක්ෂිතතාව සඳහා වූ බ්‍රසීලියානු ජාලයේ නවතම වාර්තාවකින් පෙන්වා දෙයි. ජුනි මාසයේ දී නිකුත් කරන ලද නව අධ්‍යයනය, ජනගහණයෙන් අඩකට වඩා ආහාර නොමැතිව සිටින බව ද අනාවරණය කර තිබේ.

ආහාර ඉතිරිකර ගැනීම සඳහා හැකි තරම් අඩුවෙන් අනුභව කිරීමට සිදුව ඇති බව ද ඇය පැවසුවා ය.

“මම ජීවත්වෙන්නේ කවදාහරි මේ දේවල් හොඳ අතට හැරෙයි කියල විශ්වාසෙ නිසා.”

“මායි මගේ දරුවොයි ජීවත්වුණේ රතු පතොක් ගෙඩි කාලා”

“වැස්සත් නෑ, අස්වැන්නකුත් නෑ. අපි ළඟ විකුණන්න දේකුත් නෑ. අපට සල්ලි නෑ. මට බත් කන්නවත් සල්ලි නෑ.”

ඉන්දියන් සාගරයේ මැඩගස්කර දූපතේ වෙසෙන ෆෙෆිනියානා 25-හැවිරිදි දෙදරු මවකි.

වසර දෙකක තිස්සේ ලැබුණේ අඩු වර්ෂාපතනයක් හේතුවෙන් වගාවන් හා පශු සම්පත් විනාශවී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව මෙය මිලියනයකට අධික ජනතාවක් සාගින්න කරා තල්ලුකර ඇත.

ෆෙෆිනියානා ජීවත්වන්නේ නියඟයෙන් දරුණු ලෙස පීඩාවට පත්වූ ප්‍රදේශයක් වන අම්බෝසරි නගරයේ ය.

ඇයත්, ඇගේ සැමියාත් ජලය විකිණීමෙන් ජීවිකාව ගෙනයති.

“මට කීයක් හරි අතට ලැබුණාම මම හාල් හරි මඤ්ඤොක්කා හරි ගන්නවා. සල්ලි නැති වෙලාවට මට රතු පතොක් ගෙඩි කන්න වෙනවා, එහෙමත් නැත්නම් බඩගින්නේ නිදාගන්න වෙනවා,” ඇය යුනිසෙෆ් පරිවර්තකයෙකු හරහා BBCයට පැවසුවා ය.

“මෙහේ ගොඩක් අය පතොක් ගෙඩි කනවා. ඒකෙ රස ටිකක් සියඹලා වගේ.”

“පහුගිය මාස හතරක ඉඳන් අපි කෑවා ඒවා. දැන් මගේ දරුවෝ දෙන්නටම අතීසාරෙ.”

පතොක් ගෙඩි අනුභවය හේතුවෙන් සිය පුත්‍රයාට පාචනය ඇතිව තිබෙනබව ෆෙෆිනියානා පවසයි

ලෝක ආහාර වැඩසටහන පසුගිය වසරේ වාර්තා කළේ දකුණු මැඩගස්කරයේ “මිනිසුන් තම කුසගින්න සංසිඳුවා ගැනීම සඳහා සියඹලා යුෂ සමග සුදු මැටි, පතොක් කොළ, කැලෑ මුල් ආදිය අනුභව කළ” බව යි.

ෆෙෆිනියානාගේ පවුල ජීවත් කරවීමට මෙම පළතුර උපකාර විය හැකිමුත් එය ඔවුන්ට අවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණ ලබා නොදේ. මන්දපෝෂණය සඳහා ප්‍රතිකාර ලබාගන්නා බොහෝ දරුවන් අතර ඇගේ සිව් හැවිරිදි දරුවා ද වෙයි.

ෆෙෆිනියානා පතොක් ගෙඩිවලට සියඹලා යුෂ ස්වල්පයක් එකතු කරයි

ලෝක ආහාර වැඩසටහන පවසන්නේ ලෝකවාසීන් වෙන කවරදාටත් වඩා කුසගින්නෙන් පෙළෙන බවකි.

ගැටුම්, දේශගුණික කම්පන, කොවිඩ් වසංගතයේ ආර්ථික ප්‍රතිවිපාක, සහ ඉහළ යන වියදම් යන සාධක හතර මෙම තත්ත්වයට මඟ සලසා ඇතිබව ඔවුන් විශ්වාස කරයි.

“ලෝක ආහාර වැඩසටහනේ මාසික මෙහෙයුම් පිරිවැය ඔවුන්ගේ 2019 සාමාන්‍යයට වඩා ඇමරිකානු ඩොලර් මිලියන 73.6කින් ඉහළගොස් ඇති අතර, එය 44%ක විශ්මයජනක වැඩිවීමකි,” ඔවුන්ගේ 2022 වාර්තාව සඳහන් කරයි.

“මෙම මෙහෙයුම් පිරිවැය සඳහා දැනට වියදම් කරන අමතර මුදලින්, මීට පෙර මිලියන හතරක අමතර ජනතාවක් මසකට පෝෂණය කිරීමට හැකිව තිබුණි.”

එහෙත් සංවිධානය පවසන්නේ මුදල්වලින් පමණක් මෙම අර්බුදය අවසන් කළ නොහැකි බව යි: ගැටුම් අවසන් කිරීමට දේශපාලන කැමැත්තක් සහ ගෝලීය උණුසුම පාලනය කිරීමට කැපවීමක් නොමැති නම්, “කුසගින්න ඇතිකරන ප්‍රධාන සාධක නොනැසී පවතිනු ඇත,” එම වාර්තාව නිගමනය කර තිබේ.

අතිරේක වාර්තාකරණය ෆෙලිපේ සූසා විසිනි

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රට වටේ වැස්ස… අකුණු අනතුරුවලින් ප්‍රවේසම් වෙන්නැයි අනතුරු ඇඟවීම්….

Next Post

සාමකාමී උද්ඝෝෂකයන් මඩින්න පොලිසිය රාජ්‍ය සම්පත් අයුතු ලෙස භාවිතා කළා ද?… අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක්…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.