සාමකාමී විරෝධතා අතරතුර ශ්‍රී ලංකා පොලිසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අල්ලස් කොමිසම සඳහන් කරන්නේ සාමකාමී උද්ඝෝෂණවලදී රාජකාරියේ යොදවා සිටි පොලිස් නිලධාරීන් රාජ්‍ය වත්කම් අවභාවිත කර බලය පාවිච්චි කළේද යන්න සොයා බැලීම සඳහා මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි.
සැප්තැම්බර් 22 වැනි දින ගොනු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.








