කීර්ති ප්‍රනාන්දු –
ශ්‍රී ලාංකික විවාහක යුවළක් නීති විරෝධී ලෙස රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටිය දි අද (09) සවස කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ෙමෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ , වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි, 35 හැවිරිදි වියේ පසුවන යුවලකි.
මොවුන් දෙදෙනා ඕමානයේ මස්කට් නුවර සිටඅද (09) දින පස්වරු 02.30 ට ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 373 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඇඳ සිටි ඇඳුම් අතර මෙම ස්වර්ණාභරණ තොගය සඟවාගෙන සිටි බව මේ පිළිබඳ කළ විමසුමක දී රේගු නිලධාරීහු පැවසූහ.
මෙම අත් අඩංගුවට ගැනීම කටුනායක ගුවන් තොටුපළ රාජකාරියේ නිරත රේගු අධිකාරීවරුන් වන ඩබ්ලිව් .ප්‍රේමජයන්ත , ඉදුනිල් උදය , ක්‍රිෂ්ණ පල්ලාවල සහ සුගන්ධි යන නිලධාරීන් විසින් සිදු කර තිබුණි .
වැඩිදුර විමර්ශන ඇරඹී තිබේ.







