පසුගිය මැයි මස 09 දා පාර්ලිමේන්තු මන්ත්‍රී අරමකීර්ති අතුකොරල ඝාතන සිද්ධිය හා නිට්ටඹුව නගරයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙක් ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අවුරුදු 30 සහ 38 වයස්වල පසුවන මෙම සැකරුවන් දෙදෙනාගෙන් කෙනෙක් අමරකීර්ති අතුකොරල මන්ත්‍රීවරයාට පහර දෙන අවස්ථාවේ දී ඇඟිල්ලේ ඇති මුද්ද ගලවාගත් ගෙන ඇත. එසේ කොල්ල කෑ මුදු තුනක් උකස් මධ්‍යස්ථානය උකස් කර තිබිය දී හමු වී තිබේ.
මෙම සැක කරුව අද (09) අළුයම නිට්ටඹුවේ දී අත්අඩංගුවට ගෙන ඇත.
අනෙක් පුද්ගලයා මීගහකිවුල ප්‍රාදෙශීය සභා සභාපතිගේ ජංගම දුරකථනය කොල්ලකෑමට සම්බන්ධ පුද්ගලයාය. ඊයේ සවස් කාලයේ දී ඔහු නිට්ටඹුව රන්පොකුණුගම ප්‍රදේශයේ දී කොල්ල කෑ ජංගම දුරකථනයත් සමගම අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදුකරයි. මේ සම්බන්ධව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.








