බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට ගොඩනැගීමේ ක්‍රියාවලියේ දී කිසිම පාර්ශවයක් සමග විශේෂ බැඳීම් නෑ… ගත යුතු ක්‍රියාමාර්ග නිසැකවම ගන්නවා… ශ්‍රී ලංකා බැංකු සංගමය හමුවේ ජනපති කියයි

by editor
ඔක්තෝබර් 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රට ගොඩනැඟීමේ සහ ආර්ථික සංවර්ධනය කිරීමේදී තමන්ට හෝ වත්මන් ආණ්ඩුවට කිසිදු පාර්ශ්වයක් සමඟ විශේෂ බැඳීමක් නොමැති බැවින් ගත යුතු සෑම තීන්දුවක්ම නොපැකිළව ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ, ශ්‍රී ලංකා බැංකු සංගමයේ සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (29) හමු වූ අවස්ථාවේදීය.

 

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සම්බන්ධයෙන් බැංකුවලින් සිදුවන මැදිහත් වීම සහ ඔවුන්ගේ ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානයට යොමු විය.

ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයෙහි වැදගත්කම සහ විද්‍යුත් හැඳුනුම්පත ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ අතර එම වැඩපිළිවෙළ වසර එක හමාරක් වැනි කෙටි කාලයක් තුළ නිම කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

පැන නැගුණු ආර්ථික අර්බුදය සමඟ බැංකු පද්ධතිය යම් දරා ගැනීමක් සිදු කරමින් ව්‍යවසායකයා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපතිවරයා ව්‍යවසායකයින් එම දරා ගැනීම අවභාවිත කරන්නේ නම් එය ගැටලුවක් බව සඳහන් කළේය.
බැංකුවත්, ව්‍යවසායකයාත් ආරක්ෂා වන පරිදි සමස්ත ක්‍රියාවලිය සිදු කළ යුතු බවට මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ අවිධිමත් අංශය විශාල වන අතර එය විධිමත් කිරීමේදී දැනට අවිධිමත් ආර්ථිකය තුළ යැපෙන ජනතාව සුරක්ෂිත වන ආකාරයට එම ක්‍රියාවලිය සිදු කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ දැනට පවතින දුෂ්කරතා, ව්‍යාපෘති සඳහා ගත වන කාලය වැඩි වීම, දූෂණය ආදි කරුණු හේතුවෙන් ආයෝජන පවත්වා ගෙන යාමට තිබෙන බාධා පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙම ක්‍රියාවලියේදී සියලු කටයුතු සරල හා අදූෂිත, කාර්යක්ෂම ක්‍රමවේදයක් තුළට ගෙන ඒමට තම රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය .

ශ්‍රී ලංකා බැංකු සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී බිංගුමාල් තෙවරතන්ත්‍රි, කොමර්ෂල් බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂ /ප්‍රධාන විධායක නිලධාරි සනත් මනතුංග, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ගුණතිලක, සම්පත් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී අයෝධ්‍යා ඉද්දවෙල, හැටන් නැෂනල් බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත, සෙලාන් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර, NDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී කැලුම් එදිරිසිංහ, Deutsche බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී නිරංජන් ෆිගුරාඩො, ඉන්ද්‍රජිත් බෝයගොඩ (SLBA ) මෙම අවස්ථාවට සහභාගී වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වොෂින්ටන්වල IMF එක්ක කළ සාකච්ඡාවල ප්‍රධාන විෂය වුනේ බදු සහන ලබා ගැනීම… ලංකාවට පැමිණි පසු දූත කණ්ඩායම සියල්ල පැහැදිලි කරයි… කැබිනට් ප්‍රකාශක කියයි!

Next Post

රටට එන සංචාරකයින්ට ඇප් එකක් හඳුන්වා දීමේ සැලැස්මක් ගැන විදේශ කටයුතු ඇමති කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.