පසුගිය 2020 වසරේ සිට මේ දක්වා ජනාධිපතිවරයා විසින් දැනට සේවය කරන හෝ විශ්‍රාමික හමුදා නිලධාරීන් 28 දෙනකු පරිපාලන මට්ටමේ ප්‍රධාන නිලයන්ට පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්න්ධ නවතම වාර්තාවක් මඟින් සිය අප්‍රසාදය පළ කරයි.
රාජ්‍ය යාන්ත්‍රණ ක්‍රියාවලියට සමාන්තරව මිලිටරි නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂ කාර්ය සාධක බලකායන් සහ කොමිෂන් පිහිටුවීම මඟින් සිවිල් පරිපාලනය තුළ යම් අර්බුද නිර්මාණය වන බවද එම වාර්තාවේ තවදුරටත් සඳහන් වෙයි.
එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කරන ලද මෙම නවතම වාර්තාව මඟින් ශ්‍රි ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ සිදුව ඇති ක්‍රියා මාර්ගයන් දෝෂ දර්ශනයට ලක් කර තිබේ. එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ පසුගිය කාලය තුළ සිදුවූ හිංසාකාරී ක්‍රියාවන්ට නිසි ලෙස ආමන්ත්‍රණය කිරීමට ශ්‍රි ලංකාවට අපොහොසත් වීම තුළ යළිත් වරක් මානව හිමිකම් කඩවීම් සිදුවීමේ ඉතා ඉහළ අවදානමක් පවතින බවය.
නීති උල්ලංඝනය කළ පුද්ගලයන්ට නිසි ලෙස දඬුවම් දීමේ ක්‍රියාවලියක් අනුගමන නොකිරීම, වාර්ගික අසමගිය ඇති කරන ආකාරයේ ක්‍රියාදාම සිදුවීම, මිලිටරිකරණයට ලක්වීම වැනි අසතුටුදායක ප්‍රවණතා පසුගිය වසර තුළ දැකිය හැකි වූ බවත් පසුගිය වසර තුළ සිදුවු ඇතැම් අසතුටුදායක ප්‍රවණතා නිරීක්ෂණය කළ හැකි වූ බවත් මෙම වාර්තාවේ සඳහන් වේ.
යුද්ධය අවසන් වී වසර 12ක් ගත වී තිබුණද දැඩි ආකාරයේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධ වරදකරුවන් සඳහා දඬුවම් නොකිරීම ඇතුළු විවිධ අවභාවිතාවන් පෙරදාට වඩා වැඩි වී ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වේ.
මානව හිමිකම් කොමිසම දක්වන්නේ වර්තමාන රජය දැනට සිදු කරගෙන යන විවිධ විමර්ශනවලට හිතාමතාම බාධා පමුණුවන බවය. ශ්‍රි ලංකාවේ ජනතාවගේ මානව හිමිකම් සුරැකීම සඳහා කලින් ගෙන තිබූ සීමා සහිත පියවර පවා මේ තත්ත්වය තුළ අකර්මණ්‍ය කිරීමට රජය කටයුතු කර ඇති බවට ඔවුන් තවදුරටත් චෝදනා කරයි.
මෙම චෝදනා එල්ල කරන මානව හිමිකම් කොමිසමේ ශ්‍රි ලංකාව පිළිබඳව වාර්තාවෙන් දැනට පවතින ප්‍රවණතාවන්ට අනුව මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් බරපතල තත්ත්වයක් තවදුරටත් නිර්මාණය වනු ඇති බවත් එම තත්ත්වය පාලනය කිරීම සඳහා දැඩි පසුවිපරමක් සහ ශක්තිමත් වැළැක්වීමේ යාන්ත්‍රණයක් අවශ්‍ය බවත් දැඩි සේ අවධාරණය කර ඇත.
එම වාර්තාවේ තවදුරටත් මෙසේ ද සඳහන් වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක දැක්වේ.
“ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ගත් කල විශේෂයෙන් අවධානයට ලක් කෙරෙන කරුණු වන්නේ සිවිල් පරිපාලනය මිලිටරිකරණයට ලක් කිරීම සහ රටේ සිවිල් සමාජයට විවිධ බාධා පැමිණවීම මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මට රැකවරණය ලබා දුන් ව්‍යවස්ථාවේ කොටස් වෙනස් කිරීමය. වගවීම සම්බන්ධ කාරණාවලට දේශපාලනික බාධක දැමීම, සිවිල් සමාජයට විවිධ බාධා පැමිණවීම සහ ත්‍රස්ත මර්දන නීති රීති භාවිත කිරීමද ඒ අතර වෙයි









