සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ සාමය රකින්න ඉදිරිපත් වීමට කිසිසේත් පසුබට වෙන්නෙ නෑ… ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න…

උද්ඝෝෂණ සමීප නිරීක්ෂණය කරන බවට ආරක්ෂක ලේකම් ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂකයින්ට දැනුම් දෙයි...

by editor
අප්‍රේල් 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ සාමය හා ජන ජීවිතයේ ආරක්ෂාව සඳහා ඉදිරිපත් වීමට කිසිසේත් පසුබට නොවන බව අවධාරණය කරමින් ආරක්ෂක ලේකම් ජෙනරාල් ( විශ්‍රාමික ) කමල් ගුණරත්න නිවේදනයක් නිකුත් කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නෙ හදිසි නීතිය ඇති අවස්ථාවක වුවද  සාමකාමී උද්ඝෝෂණයන් සඳහා වූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අනුමත කරන නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා උද්ඝෝෂණ මුවාවෙන් සිදුකරන රාජ්‍ය හෝ පුද්ගල දේපලවලට හානිකරමින් සිදුකරන ප්‍රචණ්ඩ හැසිරීම පවත්වාගැනීමට ඉඩ නොදෙන බවය.

උද්ඝෝෂණවල ප්‍රචණ්ඩත්වය වපුරනවාසේම සංවිධාන්තමක පිරස් උද්ඝෝෂණවලට යන පුද්ගලයින්ගේ නිවාද කොල්ලකෑම වාර්තා වී ඇතැයි ආරක්ෂක ලේකම්වරයා පවසයි.

ඔහු කියන්නේ මේ සියලුම උද්ඝෝෂණ ආරක්ෂක අංශ සමීප අධීක්ෂණයකට ලක් කරන බවය.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

දැනට රට තුළ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් ජන සමූහයන් ඒකාරාශී වී දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි සංවිධාන්තමක උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කර ඇත.

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නිරූපණය වන පරිදි  සමාකාමී උද්ඝෝෂණයක් යන තේමාව ඔස්සේ මෙම උද්ඝෝෂණ පැවැත්වීම සංවිධානය කළද දැනට පෙනී යන ආකාරයට මේ සම්බන්ධයෙන් කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මකවන බව නිරීක්ෂණය වෙයි.

එනම් එක් කණ්ඩායමක් සාමකාමී අයුරින් උද්ඝෝෂණයක් පවත්වාගෙන යනු ලබයි. සාමයෙන් විසිර යයි. අනෙක් කණ්ඩායම සිතාමතාම රජයේ පොදු දේපලවලට හා විවිධ පාර්ශවයන්ගේ පෞද්ගලික දේපලවලට හානි පමුණුවමින් ප්‍රධාන මාර්ගයන් හා ප්‍රසිද්ධ ස්ථානයන්හි එදිනෙදා ජීවිතයට අපහසුතා ඇතිවන පරිදි මහජනතාව අසීරුවට පත්වන ආකාරයෙන් සංවිධානාත්මකව ප්‍රචන්ඩකාරී  උද්ඝෝෂණයන් පවත්වාගෙන යන බව පෙනී යයි.

හදිසි නීතිය ක්‍රියාත්මකවන අවස්ථාවක වුවද  මහජනාතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරමින් සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීම අනුමත කළ හැකි වුවද සාමකාමී උද්ඝෝෂණ මුවාවෙන් යම් යම් අරමුණු මුදුන්පමුනුවා ගැනීමට සහ සාමය ආරක්ෂා කිරීමට කැපවී සිටින ආරක්ෂක අංශයන් සහ පොලිසිය අපහසුතාවයට පත්කරමින් පුද්ගලික දේපලවලට සහ රාජ්‍ය දේපලවලට හානි සිදුකරමින් ප්‍රචන්කාරී අයුරින් හැසිරීම නිසා මෙම උද්ඝෝෂණ ව්‍යාපාර මේ වනවිට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් ඔබ්බට ගොස් ඇති ආකාරයත් දැකගත හැකිය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙහිදී යම් ප්‍රදේශයන්හි  උද්ඝෝෂකයන් යතුරපැදි භාවිතාකොට පහරදීම සිදුකර ඇති අතර තවත් කණ්ඩායම් කීපයක්  සංවිධානාත්මක ලෙස නිවාස මංකොල්ලකෑම් ද ඊයේ දිනයේ සිදුක ඇත.  ඒ අතර මංකොල්ලකරුවන් විසින් උද්ඝෝෂණය සඳහා නිවෙස්වලින් බැහැරව සිටින උද්ඝෝෂණකරුවන්ගේ නිවෙස් ද කොල්ලකෑම්වලට ලක් කර ඇති අවස්ථාද ඇති බව කණගාටුවෙන් වුවද දැනුම් දීමට කැමැත්තෙමි.

මහජනතාව ආරක්ෂා කිරීමට නිරතුරුවම කැපවී සිටින ආරක්ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය   එක්ව මෙම උද්ඝෝෂණයන් නිරතුරුවම අධීක්ෂණය කරමින් පසුවන අතර ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සිදුවන සාමකාමී උද්ඝෝෂණයන් අනුමත කළ ද කිසිදු ආකාරයක ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් සිදුනොවීමට වගබලාගන්නා බව සහ කටයුතු කරනු බව දැනුම් දීමට කැමැත්තෙමි.

තවද සාමය ආරක්ෂා කිරීමට කිසිසේත් ආරක්ෂක අංශ සහ ශ්‍රී ලංකා පොලිසිය පසුබට නොවන බව අවධාරණය කර සිටිමි.

රටේ ආරක්ෂක ලේකම්වරයා ලෙස මා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජනතාවට අවශ්‍යනම් ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්වන සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීම කරනවා විනා රජයේ සහ පුද්ගලික දේපල ගිනිබත් කරමින් සහ හානි කරමින් නොහැසිරෙන ලෙසත්ය.

එමෙන්ම විවිධ අරමුණු සඳහා ප්‍රචණ්ඩත්වයට ජනතාව උසි ගන්වන අයවලුන්ට නොරැවටෙන ලෙසත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රොෂාන් රණසිංහගේ නිවසට ප්‍රහාර එල්ල කළ පුද්ගලයින් 13ක් අත්අඩංගුවට….

Next Post

භාණ්ඩාගාර ලේකම් ආටිගලත් ඉල්ලා අස්වෙයි…..

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.