භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කර තිබේ.
මුදල් ඇමතිලෙස දිවුරුම් දුන් අලි සබ්‍රි එම තනතුරින් ඉල්ලා අස්වීම නිවේදනය කළ පසු භාණ්ඩාගාරලේකම්වරයා ඉල්ලා අස් වී තිබේ.
ඔහු දන්වා ඇත්තේ පුද්ගලික හේතුවක් නිසා තමන් ඉල්ලා අස්වන බවය. වාර්තාවන පරිදි මුදල් ඇමති ලෙස දිවුරුම් දුන් අලි සබ්‍රි ඉල්ලා අස්වී ඇත්තේ අද පාර්ලිමේන්තුවට සභාගත කිරීමට අවශ්‍ය ලේඛණ කීපයක් සකස් කිරීමට තිබුණු නිසා බවත් මෙම වගකීම් හමුවේ තමන්ට මුදල් ඇමති ධුරය දැරීම අපහසු බවත් කියමින් බව දැනගන්නට ඇත.







