-
දරුවන් ලක්ෂ 48ක ගේ අධ්‍යාපනය අවදානමක… ලක්ෂ 28කට හදිසි ආධාර අවශ්‍යයයි… අපේ දරුවන්ට වූ ව්‍යසනය යුනිසෙෆ් කියයි!
මෙරට දරුවන්ගෙන් අඩකට පමණ දැනටමත් හදිසි උපකාරයක් අවශ්‍ය තත්ත්වයක් පවතින බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

එහි දකුණු ආසියා කලාපීය අධ්යක්ෂ ජෝර්ජ් ලැැැරී කොළඹ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ දැනටමත් මෙරට මිලියන 4.8කගේ අධ්‍යාපනය අවදානමට ලක්ව ඇති බවය. දරුවන් මිලියන 2.3කට උපකාර අවශ්‍ය බවය.
ගෝලීය වසංගත තත්ත්වය ඊට මුල් වූ අතර පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් එම තත්වය බරපතළ වී ඇති ආකාරයත් දිනෙන් දින උග්‍ර වන ආර්ථීක අර්බුදය හේතුවෙන් ළමා අපයෝජන, දරුවන්ට එරෙහි ප්රචණ්ඩකාරීත්වය මෙන්ම සූරාකෑම ඉහළ ගොස් ඇති අයුරුත් ඔහු පෙන්වා දුන්නේය.
දරිද්‍රතාවයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව තුළ දැනටමත් 10,000කට අධික දරුවන් පවුලේ ආරක්ෂාවෙන් මිදී ආයතනික රැකවරණ සිටින ආකාරය සිහි කළ අධ්යක්ෂවරයා වත්මන් අර්බුදය හමුවේ මෙම තත්වය තවත් වැඩිවනු ඇති බවට අනතුරු ඇඟවූයේය.
ඔහු කියන්නේ ශ්‍රී ලංකාවේ මෙම තත්වය දකුණු ආසියාවේ අනෙකුත් රටවලට ද අනතුරු ඇඟවීමන් බවය.
.







