සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති මන්දිරයෙන් හම්බවුන මුදල් ඇමතිට දෙන්නැයි කී දේශබන්දුගේ නියෝගය හොයන්න දුරකථන රස පරීක්ෂකට.

by editor
අගෝස්තු 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සහ කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සාගර ලියනගේ ගේ ජංගම දුරකථන රජයේ රස පරීක්‍ෂකවරයාගේ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත්කොට 2022.7.9 වැනි  දින එකී දෙපාර්ශ්වය අතර ඇතිවූ දුරකථන සංවාද පටිගතවීම් පිළිබඳ වාර්තාවක් කැඳවන  ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ   ඊයේ (26 )දා කොළඹ මධ්‍යම කොට්ඨාස  විමර්ශන ඒකකයට නියෝග කළේය.

අරගලකරුවන් විසින් 2022 ජූලි 9 වැනිදා ජනාධිපති  මන්දිරයේ තිබී සොයාගත් රුපියල් එක්කෝටි අසූලක්‍ෂ  පනස් දහසක මුදල කොටුව පොලිසියට භාරදීමෙන්  අනතුරුව එම මුදල් වර්තමාන රජයේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් වෙත භාරදෙන ලෙසට දේශබන්දු තෙන්නකෝන්   විසින් දුරකථන  මාර්ගයෙන් කර ඇතැයි කියන නියෝගයට අදාළව සිදුකරන විමර්ශන සඳහා එකී සංවාද අවශ්‍ය බව  පවසමින් විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීමක් සලකා  බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

දේශබන්දු තෙන්නකෝන්ගේ එම නියෝගයට අදාල පොලිස් වාර්තා සටහන් සියල්ල කොටුව පොලිසියේ ස්ථානාධිපති සාගර ලියනගේ විසින් නියමිත පරිදි සටහන් කර ඒ සම්බන්ධව පොලිස්පති කාර්යාලයත් දැනුම්වත් කර තිබිණි.

මේ සම්බන්ධව කෙරෙන විමර්ශන අවශ්‍යතාවය මතුවන්නේ ජනාධිපති මන්දිරයෙන් ලැබුණු මුදල් ගණන් කර නියමිත කටඋත්තර ලබා දී පොලිසිය වෙත භාර දුන් අරගලකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන් බන්ධනාගාරගත කරන්නට උසාවියට ඉදිරිපත් කර ඇති අවස්ථාවේදීත්  පොලිසිය භාරයේ ඇති මුදල් අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධව කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවය.

එම විමර්ශන කටයුතුවල දී පොලිස්  විශේෂ  විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස් වික්‍රමසිංහ විසින් අරගලකරුවන් විසින් මුදල්  භාර දුන් දිනයේ දේශබන්දු තෙන්නකෝන් සහ සාගර ලියනගේ අතර ඇති වූ දුරකථන සංවාදය පිළිබඳ තොරතුරු සහ සටහන් පොලිස් ලේඛනවල ලියැවී ඇති බවට උසාවියට කරුණු වාර්තා කර තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත්  ඊයේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය  උසාවිය හමුවේ කරුණු දක්වමින් කීවේ  අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික පරිගණක අංශය විසින්  කරන ලද පරීක්‍ෂණ අනුව 2022.7.09 වැනි දින රාත්‍රි 9:17ට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්    විසින්  කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථන  ඇමතුමක් ලබාදී ඇති බවතහවුරු වී ඇති නමුත් එම  දුරකථන සංවාදයේ දෙබස් පටිගතවී නොමැති බවය.

කෙසේ නමුත් ඊට පසුදින එනම් 2022.7.10 වැනිදා දේශබන්දු තෙන්නකෝන්   විසින් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට නැවත දුරකථන ඇමතුමක් ලබාදී එකී මුදල පිළිබඳව ගත් පියවර කුමක් දැයි කොටුව ස්ථානාධිපතිවරයා ගෙන් දුරකථනයෙන් විමසන හඬපට  පටිගතවී ඇතැයි ද විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයට පැවසූහ.

අධිකරණයට පෙනී ගිය විශේෂ කාරණය වූයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් විසින්  එම  මුදල් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස්ගේ නිවසට  ගෙන ගොස් දෙන ලෙසට කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත කළ බව කියන නියෝගයට අදාල හඬ පට පමණක් පටිගත වී නැති බවය.

දේශබන්දු තෙන්නකෝන් කොටුව පොලිස්  ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමැතුම් ලබාදී එකී මුදල් සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන් බව සනාථ කිරීමට  ප්‍රමාණවත් සාක්ෂි නොවන්නේ දැයි විමසූ මහෙස්ත්‍රාත්  තිලිණ ගමගේ  කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේ ගේ සහ  බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ  ජංගම දුරකථන රජයේ රස පරීක්‍ෂකවරයාගේ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත්කොට 2022.7.9 වැනි  දින එකී දෙපාර්ශ්වය අතර ඇතිවූ දුරකථන සංවාද පටිගතවීම් පිළිබඳ වාර්තාවක් කැඳවන  ලෙස නියෝගය කළේය.

එම නඩුව සැප්තැම්බර්  9 වැනිදා යළි කැඳවීමට ද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

 

 

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වතු නිවාස සඳහා කෝටි 760ක් වැය කරලා… ඒත්  93%කට  නිවාස නෑ… විගණනය කියන කතාව…

Next Post

රටේ දරු කැකුළු මහා ව්‍යසනයක… හරි අඩකට හදිසි උපකාර අවශ්‍යයි- යුනිසෙෆ් කියයි

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.