සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ ආන්දෝලනාත්මකම මරණ දෙකකට ප්‍රශ්නගත අධිකරණ වෛද්‍ය තීන්දු දී ඇත්තේ තහනම නොතකා වැඩ කරන වැඩ තහනමට ලක් වූ අධිකරණ වෛද්‍ය නිලධාරියෙක්!!

by editor
අගෝස්තු 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

භාෂිකා හීන්දෙණිය –

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින්   කොළඹ අධිකරණ වෛද්‍ය  කාර්යාලයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල්කගේ  සේවය අට මාසයක් සඳහා  අත්හිටුවා තිබෙද්දී  එම අත්හිටුවීම නොතකා  පසුගිය මාස හය තුළ වැදගත් පශ්චාත් මරණ පරීක්ෂණ දෙකක් සිදු කර තිබීම සම්බන්ධව බරපතල ආන්දෝලනයක් මතු වී තිබේ.

එම අත්හිටුවීම පසුගිය දෙසැම්බර් මස 20 වැනිදා ප්‍රකාශ වුන අතර අත්හිටුවීම    අගෝස්තු 20 දක්වා ක්‍රියාත්මකය.

එසේ   තිබිය දී ඔහු විසින් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ කුඩා දරුවකුගේ රෝගී වකුගඩුව සමග නිරෝගී වකුගඩුව ද ඉවත් කිරීමෙන් පසුව සිදුවූ ආන්දෝලනාත්මක මරණය සම්බන්ධව ද අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකර තිබිණි.

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී  මියගිය හම්දි ෆස්ලින් නමැති එම  තුන් හැවිරිදි දරුවා ගේ උක්ත මරණ පරීක්ෂණය  මෙන් ම ප්‍රකට ව්‍යාපාර නායක දිනේෂ් ෂාෆ්ටර්ගේ අබිරහස් මරණය සම්බන්ධ  අධිකරණ වෛද්‍ය පරීක්ෂණය ද සිදුකර තිබුනේ රුහුල් හක් විසිනි.

දිනේෂ් ෂාෆ්ටර්ගෙ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය අධිකරණය ඉදිරියේ දැඩි ලෙස ප්‍රශ්න කෙරුණු අතර ඒ සමගම මුළු පරීක්ෂණ ක්‍රියාවලියම වෙනස් කිරීමට අධිකරණයට සිදු විය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

උක්ත වකුගඩු රෝගී ළදරුවාගේ   පශ්චාත් මරණ පරීක්ෂණය ද අධිකරණයේ දී ප්‍රශ්න කිරීමට ලක් වූ අතර කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  රජින්ද්‍රා ජයසූරිය පෙරේදා (02) නියෝග කළේ එම අධිකරණ වෛද්‍ය වාර්තාව පදනම් කර නොගෙන ස්වාධීනව ඉදිරි පරීක්ෂණ කරගෙන යන ලෙසය.

  • ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කියන්නේ කුමක් ද?

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ  වෙබ් අඩවිය ප්‍රකාරව ඔහු මේ වනවිට වෛද්‍ය වෘත්තියේ යෙදීමට කිසිදු අවසරයක් නැති පුද්ගලයෙකි.  එම වෛද්‍ය සභාවේ වෘත්තීය ආචාරධර්ම කමිටුව විසින් ශ්‍රී ලංකා වෛද්‍ය ආඥා පනතේ ඇති බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංක 15168 දරන වෛද්‍ය රුහුල් හක්ට පසුගිය 2022 වසරේ දෙසැම්බර් 20 වැන දා සිට මාස අටක කාලයක් දක්වා වෛද්‍ය වෘත්තිකයකු ලෙස කටයුතු කිරීම, එහි වැටුප් ඇතුළු වරප්‍රසාද භාවිත කිරීම අත්හිටුවා ඇත.

ඒ අනුව ඔහුගේ වැඩ තහනම  ඉවත් වීමට නියමිතව ඇත්තේ 2023 වසරේ අගෝස්තු මස 20 වන දා ය.

මේ සම්බන්ධව කළ විමසීමක දී   ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර එච්.ඩබ්ලිව්. දිසානායක ඩේලි මිරර් වෙත පවසා ඇත්තේ  අදාළ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වැඩ තහනම ඉවත් කර නොමැති බවත්, එම තහනම තවමත් ක්‍රියාත්මක වන බවත්ය.

  • සිදුවෙමින් ඇති දේ

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව රුහුල් හක්  සම්බන්ධයෙන් ගත් විනයානුකූල පියවර පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාද දැනුවත් කර ඇත.   එවැනි තහනමක් පවා තිබියදීත් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට සම්බන්ධව සේවය කළේ කෙසේ ද යන්න පිළිබඳව මේ වනවිට සියලු දෙනාගේම දැඩි අවධානයට ලක් වී තිබේ.

රුහුල් හක්    අදාළ කාලය තුළ වැටුප් ලැබීමට සුදුසුකම් නැත්තකු වුව ද ඔහු මේ වනවිටත් වැටුප් ඇතුළු වරප්‍රසද ලබන බවට තොරතුරු හෙළිව ඇත.

තවද  ඔහුගේ සේවය අත්හිටුවීම අවලංගු කිරීම  සලකා බලන ලෙස ඉල්ලා රුහුල් හක්   සෞඛ්‍ය අමාත්‍යාංශයට අභියාචනයක් කර ඇති බව ද ඩේලි මිරර් වාර්තා කරයි.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඒ පිළිබඳව කළ විමසීමක දී ඩේලි මිරර් වෙත පවසා ඇත්තේ  තමාට මතක ඇති පරිදි මෙම අභියාචනයට ප්‍රතිචාර නොදැක්වූ බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පෙර පාසල් සඳහා අවසර ඇත්තේ සුදුසුකම් ලත් ගුරුවරුන්ට පමණයි – අධ්‍යාපන ඇමති

Next Post

ජල ගාස්තු වැඩිවීම ගැන ජල සම්පාදන ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.