රටේ සම්පත් පිටරැටියන්ට විකුණා අනාගතයට රොඩු පමණක් ඉතිරිකරන ක්රමවේදයක් පවත්වාගෙන යන රටේ ජනාධිපතිවරයා සිහින දකින්නෙක් බව බව අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ පැවසූහ.
රටේ මුදල් ඇමතිවරයා වූ ජනාධිපතිවරයාට රටේ මුදල් හිතුමතේ පරිහරණයට පූර්ණ අවසරය බලා දෙන දේශීය ණය ප්රශස්ථකරණ පනත රටේ ජනතාවගේ වැඩි කැමැත්තතකින් සම්මත වූ පනතක් නොවන බව කී උන්වහන්සේ ෙ ඡන්ද බලයක් නැති මේ පාර්ලිමේන්තුවට හැකිනම් මැතිවරණයක් තබා තමන්ගේ ආසන ආරක්ෂා කරගන්නා ආකාරය පෙන්වන ලෙස අභියෝග කළහ.
අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් මේ අද (02) මේ අදහස් පල කළේ සරක්කුවේ මුහුදු තීරයේ ඉදිවුන ජේසුස් වහන්සේගේ සහ ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ ප්රතිමාවන් ආශීර්වාදය ගැන්වීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී කාදිනල් හිමිපාණෝ මෙසේ ද පැවසූහ.
“මේ පනත රටේ වැඩි ජනතාවගේ කැමැත්තෙන් සම්මත වූ පනතක් නෙමෙයි. මේ පනතෙන් රටේ මුදල් ඇමතිවරයාට එනම් ජනාධිපතිවරයාට තමන්ට හිතුමතේ පාවිච්චි කරන්න පූර්ණ අවසරයක් දීලා තියනවා.”
“මේ පාර්ලිමේන්තුව ඡන්ද බලයක් නැති පාර්ලිමේන්තුවක්. මම අභියෝග කරනවා ඔය පාර්ලිමේන්තුවට පුලුවන්නම් ඡන්දය ඉල්ලලා බලන්න කියලා ඔයගොල්ලන්ගේ ආසන ආරක්ෂා කරගන්න පුලුවන්ද කියලා.”
“ඊයේ පෙරේදා ජනාධිපතිවරයා කියනවා වරාය දික්කරනවලු දික්ඕවිටට. මේ මනුස්සයා සිහින දකිනවා. මොනවද මේ සිහින. මේවා කරන්න පුලුවන් දේවල් ද. අපේ දැන් තියන වරායවත් ඒ ගොල්ලන්නට පාලනය කරගන්න බැරිව එක එක රටවල්වලට විකුණනවා. ඉලක්කය මේ මුළු පමුණුගම තීරයම මේ මුතුරාජවෙල ප්රදේශයෙ සේරම විනාශ කරලා පිටරැටියන්ට මේවා විකුණලා මේවයින් මුදල් හම්බකරගන්න. ඒවයින් කාලා බීලා ජොලි කරලා ඊට පස්සේ ඒ ගොල්ල මැරිලා යාවි. රටේ මිනිස්සුන්ට රොඩු විතරයි ඉතිරිවෙන්නේ මේ ක්රමවේදය තුළ. “
කාදිනල්තුමා කියා සිටියේය.