බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ අන්ත දූෂිත පොලිස් ලොක්කෙක් ගම්පහ කොට්ඨාසයට පත් කිරීම පසුපස ඇත්තේ දේශපාලන කුපාඩිකමක් ද?

by editor
මැයි 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය-

අවංක සහ දක්ෂ නිලධාරියෙක් ලෙස රාජකාරි කළ ඉතිහාසයක් සහිත ගම්පහ කොට්ඨාසය භාරව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සාධනීය කරුණු මත ස්ථාන මාරු කිරීමට තීරණය කර ඇති අවස්ථාවක ඒ අවසරය ප්‍රයෝජනයට ගෙන පොලිසියේ සිටින දූෂිතම පොලිස් අධිකාරීවරයෙක් එක්තරා නියෝජ්‍ය ඇමති වරයෙකුගේ බිරියගේ ඥාති හිතවත්කම් මත පත්කරන්නට හදන උත්සාහයක් සම්බන්ධව පොලිසිය අභ්‍යන්තරයේ   ආරංචි මාර්ග හෙළි කරයි.

ආණ්ඩුව ජනතාව අභියස තැබූ සාරධාර්මික ප්‍රතිපත්ති විනාශ කරමින් සිදුකරන්නට යන මේ අලජ්ජී පත්වීම සම්බන්ධව ඉහළම දේශපාලන නායකත්වය දැනුම්වත් කිරීමට මාලිමාවේ ම ප්‍රබල ක්‍රියාකාරිකයින් පිරිසක් මේ වනවිට කටයුතු කරමින් ඇතැයි වාර්තා වේ.

මෙතෙක් ගම්පහ කොට්ඨාසය භාරව සිටි යහපත් රාජකාරි ඉතිහාසයක් සහිත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ගම්පහම වැසියෙක් වීම හේතුවෙන් ඔහුගේ රාජකාරි ජීවිතයේ සාධනීය පැවැත්ම තහවුරු කිරීමට ඔහුව වෙනත් ස්ථානයකට මාරු කර යැවීමේ වැදගත්කම පොලිසියේ ඉහළ නිලධාරීන් විසින් අවධාරණය කර තිබිණි.

ඒ කාරණාව මත මෙම නිලධාරියා මාරු කරත්ම ගම්පහ කොට්ඨාසයට පත්කිරීමට සැලසුම් කර ඇත්තේ පොලිස් ඉතිහාසයේ මෑතක සිටින දූෂිතම නිලධාරියෙක් වීම පොලිසියම තිගැස්මට පත් කර ඇත්තේ එය මාලිමා ආණ්ඩුවෙන් සිද්ධ වීම නිසාය.

මේ තැනැත්තාගේ රාජකාරි ජීවිතයේ ගර්හිත ස්වරූපය පිලිබඳ ඔහු සේවය කළ පොලිස් කොට්ඨාසවල ඉහළ නිලධාරීන් විසින්ම කලක සිට ලිඛිත වාර්තා සපයා තිබූහේතුව නිසා ඔහුව කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ රාජකාරියේ යොදවා තිබුණේය. ඒ සහකාර පොලිස් අධිකාරීවරයෙකුට පවරන රාජකාරිවත් මේ පුද්ගලයාට පැවරීම ගැටලුවක් බවට වූ පොලිසියේ තක්සේරුව නිසාය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

එහෙත් වත්මන් ආණ්ඩුව පත් වූ වහාම එම ආණ්ඩුව විසින් සිදුකළ බරපතලම පොලිස් වැරදීම මෙම නිලධාරියාට  පොලිස් කොට්ඨාසයක් භාර දීම බව පොලිසියේ නිලධාරීහු අපට කීහ. මේ පත්වීමට පොලිස්පතිවරයා කුණු බැනුම් ඇසුවේය. එහෙත් මීට ඔහු සම්බන්ධ වන්නේ නාමිකව බවත් එය සිදුවන්නේ නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ බලපෑමට බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග කීවේය. ඔවුන් කියන්නේ පොලිසියට දේශපාලන බලපෑම් නොමැති බවට වූ මාලිමාවේ ප්‍රතිපත්තිය මේ නියෝජ්‍ය ඇමතිවරයා විසින් බිඳ දමා ඇති බවය.

කෙසේ වෙතත් දැන් රාජකාරි කරන පොලිස් කොට්ඨාසය තුළත් ඔහු ප්‍රකට ඇත්තේ ව්‍යසනාකාරී හැසිරීමක් බව වාර්තා වේ. එවැනි අවස්ථාවක ඔහුට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් වැඩි සියලුම නිලධාරීන් විවිධ හේතු මත මාරු කර යවා ඔහුට රටේ වැදගත්ම පොලිස් කොට්ඨාසයක්වන ගම්පහ කොට්ඨාසය මේ පුද්ගලයාට භාර දීමට සැලසුම් කිරීම සම්බන්ධව පොලිසිය තුළින්ම දැඩි විවේචනයක් එල්ල වෙමින් තිබේ.

මේ පත්වීමේ ඇති අනෙක් බරපතල නොගැලපීම මේ පුද්ගලයා ද ගම්පහ නගරය ආසන්නයේම ඇති ගම්මානයක වැසියෙක් වීමය. හිටපු ගම්පහ කොට්ඨාස භාර නිලධාරියාට කිසිම රාජකාරි චෝදනාවක් නැති පසුබිමක ඔහු ගම්පහ වැසියෙක් නිසා මාරු කර යවා පොලිසියේ සිටින අන්තිම දූෂිතයෙක් මෙන්ම ගම්පහ වැසියෙක් ද වූ නිලධාරියෙක් එම තනතුරට පත් කිරීම පසුපස ඇති කුණු ගඳ ගහන දේශපාලනය අනෙක් සෑම ආණ්ඩුවකම තිබුණ මජර කුපාඩිකමට දෙවැනි වන්නේ කෙසේ දැයි මේ වනවිට මේ ක්‍රියාවලිය ගැන හොඳින්ම දන්නා පිරිස් රජයෙන් ප්‍රශ්න කරමින් ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මත්ද්‍රව්‍ය තොගයක් මුහුදෙන් ප්‍රවාහනය කළ බහුදින යාත්‍රාවක පිරිසට බෙදා දෙන්න ගිය ලක්ෂ 180ක මුදල සමග 08ක් අත් අඩංගුවට…

Next Post

සේනාධිපතිට අල්ලස් කොමිසමේ නිලධාරියෙක් මුණ ගැහෙන්න අමාත්‍යාංශ ලේකම්වරයෙක් කපුකමක් කරන්න හදලා… ජනපතිට පැමිණිල්ලක්!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.