සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ අංක එකේ මහ මෝල් හිමියා ශත පහක් බදු ගෙවලා නෑ… පරීක්ෂණයක් තියන්න – එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය….

by editor
සැප්තැම්බර් 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයතරත්න – 

මේ රටේ ප්‍රධානම මහා පරිමාණ වී මෝල් හිමියා රටට ශත පහක බද්දක් නොගෙවන බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා අද (09) හෙළිදරව් කළේය.

එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා

ඔහු මේ බව සඳහන් කළේ  අද    සවස  පොලොන්නරුව ඕනෑගම ප්‍රදේශයේ හෝටලයක  පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

ඔහු මෙසේ ද කීවේය.

“  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාත් සිසිර ජයකොඩි මහතා හෙළිදරව්වක් කළා මහා පරිමාණ මෝල් හිමියෝ බදු පැහැර හැරීමක් සම්බන්ධව.  ඔව්… ඒක හරි.“

“අපිත් දන්නවා ප්‍රධාන සහල් මෝල් හිමියෝ තුන්දෙනෙක් ඉන්නවා.  ඉන් තුන්වැනි ස්ථානය පසුවන අමාත්‍ය සිරිපාල ගම්ලත් මැතිතුමා රුපියල් කෝටි 5ක මුදලක් බදු වශයෙන් ගෙවද්දී, අනෙත් ව්‍යාපාරිකයන්ගෙන් එක්කෙනෙක්   රුපියල් ලක්ෂ 9 යි බදු ගෙවලා තියෙන්නේ. පළමු ස්ථානයේ ඉන්නවා කියන පුද්ගලයා  ආණ්ඩුවට සත පහක්වත් බදු ගෙවල නැහැ. “

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“අපි ආණ්ඩුවෙන්  විශේෂයෙන්ම ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන්  අහනවා කොහොමද එහෙම වුණේ කියලා. තුන්වෙනි ස්ථානයෙ ඉන්න මහා පරිමාණ වී මෝල් හිමියා කෝටි පහකට ආසන්න මුදලක් ආණ්ඩුවට බදු ගෙවද්දි, පළමු ස්ථානයේ ඉන්න වී මෝල් හිමියා      බදු නොගෙවා මගහැරලා හිටියේ කොහොමද කියලා අප විමසනවා. මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා.“

ඔහු ප්‍රකාශ කළේ දැනට ලංකාවේ සහල් මෝල්වලින් සියයට 75කට වැඩි ප්‍රමාණයක් වැසී ගොස් ඇති බවය.

බැංකු පොලිය වැඩිවීම හේතුවෙන් කුඩා පරිමාණ වී මෝල් හිමියන්ගෙන් දැනට කර්මාන්තයේ ඉතිරි වී සිටින පිරිසට වී මිලදී ගැනීමේ හැකියාව අඩුවෙමින් ඇති බවද පෙන්වා දුන්නේය. මේ සම්බන්ධව පුලුල් වැඩපිළිවෙළක් නිර්මාණය කරන ලෙසත් සහල් ආනයන බද්ද වැඩිකර දේශීය වී ගොවිතැන යථාවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙසත් ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හැකිනම්   ඉවත් කර පෙන්වන්න – ජී.එල් ගෙන් පොහොට්ටුවන්ට අභියෝගයක්!

Next Post

සංවර්ධනයට බාධා වී ඇති චක්‍රලේඛ කඩිනමින් සංශෝධනය කරන්න – ජනපති

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.