දැනට ගණන් බලා ඇති පරිදි දිවයින පුරා වගා කළ හැකි පුරන් කුඹුරු හෙක්ටෙයාර් පනස් දහසකට වැඩිය තිබෙන බවත් මෙම සියලුම කුඹුරු ඉඩම් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා පස් වසකට පවරාගෙන ආහාර භෝග වගාව සඳහා ඉල්ලුම් කරන පුද්ගලයින් වෙත ලබා දෙන බවත් කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
මෙම ඉඩම් බෙදා දීමේ දී ගොවිතැන සඳහා ඉල්ලුම් කරන තරුණ ප්‍රජාවට මුල් තැන දෙන බවත් ඇමතිවරයා කියයි.
බොහෝ පුරන් කුඹුරුවල අයිතිය තිබෙන පුද්ගලයින් විදේශ ගතව සිටින අතර තවත් සමහරුන් ශ්‍රම හිඟය නිසා එම කුඹුරු අස්වද්දන්නේ නැතැයි ද ඔහු පෙන්වා දෙයි.
මෙම පුරන් කුඹුරු වැඩි ප්‍රමාණයක් ඇත්තේ බස්නාහිර පළාතේ බවත් ඇමතිවරයා කියයි.