අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේම කෝපය ඇවිලූ  සවාරි ගැන  මහජන ආරක්ෂක අමාත්‍යාංශ පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි!

by editor
මාර්තු 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට ධාවනයට තහනම්  අධිබල යතුරුපැදි සහිතව  පොලිස් ආරක්ෂාව යටතේ  සංවිධානය කර තිබූ  ආන්දෝලනාත්මක යතුරුපැදි සහ සුඛෝපභෝගී වාහන සහිත වාහන සවාරිය සම්බන්ධව  මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින්  පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැදවා තිබේ.

Spin Rider Club නැමැති පුද්ගලික ආයතනයක් විසින් සංවිධානය කර තිබූ මෙම සවාරියේ ගමන්කළ යතුරු පැදි බොහොමයක් ලියාපදිංචි නොකල මෙරට ධාවනයට අවසර නොමැති යතුරු පැදි බව අමාත්‍යාංශයට නිරීක්ෂණය වී තිබේ.

පොලීසියේ නිලධාරීන් පවසන්නේ මෙවන් යතුරුපැදි ධාවනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය විටින් විට කළ වැටලීම්වලින් පසුගිය කාලය තුළ යතුරු පැදි 100 ක් පමණ පොලිස් භාරයට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.

එම යතුරුපැදිකරුවන් පොලීසිවලට කතාකරමින් ඊයේ දිනයේ තමන්ගේ යතුරුපැදි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ නීතිය මෙයට නැත්තේ ඇයිදැයි විමසා ඇතැයිද පොලිස් නිලධාරීන් රැසක්ම සඳහන් කළහ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එම සවාරිය පහත දැක්වේ…


එහෙත් පොලිස් මාධ්‍ය අංශය මේ සම්බන්ධව අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මෙම ආයතනය සමාජ සත්කාරක ආයතනයක් බවත්, රජයේ කොන්දේසිවලට අනුකූලව මෙම සමාජ සත්කාර ව්‍යාපෘතියට අදාල කොටසක් වූ මෙම සවාරිය සඳහා අවසර ලබාදුන් බවත්ය.

මහරගම අපෙක්ෂා රෝහලට සිදුකළ  මුදල් පරිත්‍යාගයකින් පසු කල්පිටිය ප්‍රදේශයේ පාසල් ළමුන් සඳහා පාසල් පොත් බෙදා දීමේ වැඩසටහනකට සමගාමීව  එම යතුරුපැදි සවාරිය සඳහා වර්ෂ 2022.03.17 සහ 2020.03.19 දෙදින සඳහා මීරිගම සිට කල්පිටිය හරහා අනුරාධපුරයට ගමන් කිරිමට ඉල්ලූ නීත්‍යානුකූල අවසරය අනුව   නියමිත කොන්දේසි  ප්‍රකාරව එය ලබා දුන් බවත් පොලිස් මාධ්‍ය අංශය කීවේය.

පොලිස් මාධ්‍ය අංශය මේ යතුරුපැදි සවාරිය සමාජ සත්කාරයක් සඳහා සංවිධානය කළ එකක් බව අවධාරණය කර ඇත්තේය.

එහෙත් මේ පිළිබඳව නැගුණු මහජන විරොධය සහ කොන්දේසිවලට පටහැනිව කටයුතු කිරීම නිසා කල්පිටියේ සිට අනුරාධපුරයට යෑමට තිබූ සවාරිය නතර කිරීමට පොලිසිය කටයුතු කර ඇති බව නිවේදනය කළේය.

මේ සවාරියට සම්බන්ධ වූ පුද්ගලයන් නීති විරෝධීව කටයුතු කර තිබේ නම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නාසා ආයතනයේ සේවය කළ යාපනයේ විද්‍යාඥයා දිවි සැරියෙන් සමු ගනී!

Next Post

ආණ්ඩුවේ ඉහළින් බලපෑම්… ශ්‍රී.ල.නි.ප.යත් කකුලෙන් අදී… “විමල් සුළඟ “නවතී!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.