විමල් උදය ඇතුළු දේශපාලන පක්ෂ 11ක සාමාජිකයන් ලබන 11 වැනිදා නුගේගොඩ දී පැවැත්වීමට සූදානම් කළ විමල් සුළඟ රැළිය හදිසියේම නවතා දැමීමට තීරණ කර ඇති බව වාර්තා වේ.
මහින්ද සුළඟ රැළිය මෙන් විමල් සුළඟ රැළිය ද විශාල ජන සහභාගීත්වයකින් යුතුව පැවැත්වීමට සූදානම් වෙද්දී එම රැළිය හදිසියේම නවතා ඇත්තේ ආණ්ඩුවේ ඉහළ බලපෑමකට අනුව බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේ වෙතත් ආණ්ඩුව අනුගමනය කළ වැරදි ක්‍රියා මාර්ග හා ආණ්ඩුව සම්බන්ධව ඇතැම් දූෂණ හා වංචා හෙළි කරමින් පැවැත්වීමට සූදානම් කර තිබූ මෙම රැළියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය විරෝධය පල කර තිබේ.
ආණ්ඩුවේ සෙසු පක්ෂ සමග හිඳිමින් විරෝධය කුළු ගන්වා විමල් සහ ගම්මන්පිල ආණ්ඩුවෙන් ඉවත් කරන තැනට වැඩ සැලැස්වීමෙන් අනතුරුව මේ වනවිට ආණ්ඩුව සමග යලි සන්ධානගතව කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැළියට දැක්වූ ඍජු විරෝධය ද එය නවතා දැමීමට එක් හේතුවක් වූ බව ද වාර්තා වේ.
මෙම රැළිය නොපවැත්වුව ද විමල් ගම්මන්පිල ඇතුළු පක්ෂ 11ක සමාජිකයන් මැයි 01දාට යෙදෙන මැයි දිනය වෙනුවෙන් දැවැන්ත රැළියක් කොළඹ දී පැවැත්වීමට සැලසුම් කරමින් සිටින බව ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.
එම රැළියට එක් කළ හැකි උපරිම ජන බලය පෙන්වා ආණ්ඩුවට වඩා වැඩි ශක්තියක් තමන් වෙත ඇති බව ප්‍රකාශ කිරීමට සූදානමින් සියලු කටයුතු සංවිධානය වන බව වාර්තා වේ.